(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව කරන්නේ ජනාධිපති හෝ අගමැති නොව කළුපාට කුරුල්ලෙක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය.
නියෝජ්‍ය කතානායක තරගයට තරඟයට සමගි ජනගයට සමගි ජන බලවේගයන් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්න මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් පැවසූයේ නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තා නියෝජිතවරියන් පත්කළ යුතුයැයි අග්‍රාමාත්‍යවරයා ද සඳහන් කර තිබියදී එම යෝජනාව ක්‍රියාත්මක කර ගන්නට අසමත් වූ බවයි.
තවදුරටත් අදහස් දැක්වූ දැක් වූ රෝහිණී කවිරත්න මහත්මිය මෙසේද කීවාය.
නියෝජ්‍ය කථානායක ධුරයට අභිනවයෙන් පත්වූ අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමාට මගේ සුබ පැතුම් පළ කරනවා.එතුමාට පුටුවේ හරි මැද වාඩිවී රාජකාරි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.මේ පාර්ලිමේන්තුවේ කාන්තාවක් ලෙස මහා වාචික හිංසනයට වන විට මුලසුනේ හිටියේ අජිත් රාජපක්ෂ මහතායි. එතුමා සමඟ තරග කරන්නට ලැබුණු එක දෛවයේ සරදමක් යැයි සිතනවා.මෙය කියන්නේ තරහින් නොවේ. උපහාසයෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඕකටයි.
කොහොම හරි කපුටන් රටම කනවා.. දැන් හිතෙනවා රනිල් ආවේ නැත්නම් ගෝල්ෆේස් අරගලය ඉතාමත් සාර්ථක වෙනවා.. දැන් ඉතින් රාජපක්ෂ පාලනය අවසන් කිරීම බොරු...!
කළුපාට කුරුල්ලා කපුටා වුණාට ඌ දාන බිත්තර සුදුපාටයි...! කපුටා මොන පැත්තේ කූඩුව හැදුවත් බිහිවන පැටියත් කළුපාටමයි.!! බිජුව දානකම්ම කපුටා කපුටු හඬින් ගැහැණු, පිරිමි භේදයකින් තොරව කපුටාම ලෙස දකියි...!
ඔබලාගේ කණ්ඩායමේ බැරි කමට අහිංසක කුරුල්ලන් පළිනැත.
එතකොට සජිත් ප්‍රේමදාස සුදුද?
කාන්තාවක් කතානායක වීම තමයි අප බලපොරොත්තු වූයේ... නමුත් ආණ්ඩුව කරන්නේ කුමන කළුපාට කුරුල්ලෙක්ද කියා පැහැදිලි නැත.. එය කපුටාස්ගේ වැඩක් නම් අපට කළහැකි දෙයක් නොමැත...