(නිමල කොඩිතුවක්කු)
නීතිඥ සංගමයේ යෝජනා ඇතුළත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට,ඊනියා සටකපට විසි එකක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද(23) පැවසීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් දහනව වන සංශෝධනය වඩා ශක්තිමත් ලෙස ගෙන එමින් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සියල්ල සහතික කිරීම ආණ්ඩුව නොවළහා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේ නොමැතිව රැවටිලිකාර සටකපට විසි එක් වන සංශෝධනයක් ගෙන ඒමෙන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවන බවත් කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුව සිදුකරන ප්‍රෝඩාකාරී සහ රැවටිලිකාරී කටයුතු වහා නවතා දමා ජනතා අභිමතය මත කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීම් වලට බය විපක්ෂ නායක...! කොයි වෙලාවේ හරි ඔය පට්ටමත් ගැලවිලා යනවා.
ඊළඟ මැතිවරණයෙන් විපක්ෂනායකකමත් නැතිවෙලා යන ලකුණු පහළ වෙමින් තිබෙනවා...
21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියෙව්වාද? 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නෙත් අධිනීතිඥවරයෙක්. ඔහේ මොනවද ව්‍යවස්ථා සංශෝධන ගැන දන්නේ? අපි දන්නවා ඔහේ ගැන...
දැන් නම් ඉතා පැහැදිලියි ඔබ පසුපස සිටින අදිසි හස්ථය කළුපාට කුරුල්ලා කියලා. මම කලින් විශ්වාස කළේ නෑ. නමුත් දැන් ඒක හරියටම සනාථ වෙනවා මේ හැසිරීමෙන්. අප්පිරියාවක් මිස කණගාටුවක් නෑ. ඔහොම යං. ළඟදීම විපක්ෂ නායක පට්ටමත් ගැලවිලා යාවි...!
හොදටම තේරුම් යනවා රජ කරන්න මිසක් ජනතාවට සේවයක් කරන කෙනෙක් නෙමේ කියල . මේ අවස්ථාවේ ජනතාව බඩගින්නේ මිසක් කාවත් රජ කරවන මනසින් නෙමෙයි ඉන්නේ . පුස්සෙක් බව නිකම්ම පෙනෙනවා .