IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වර්තමාන ආණ්ඩුවට ජන මතයක් නැහැ

(යොහාන් භාසුර)

වර්තමාන පාර්ලිමේන්තුවේ  ජනමතය විකෘති වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනමතයක් අවශ්‍ය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් කරන්නේ මහජනතාවගේ සුබ සිද්ධිය පතා නොව ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (16) පැවසීය.

මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන  කාර්යාලයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව සමස්ත රටේම කතිකාවක් ගොඩනැගී ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ ලංවූ විට ආණ්ඩුව නින්දෙන් ඇහැරුණාක් මෙන් මැතිවරණ ක්‍රමයේ දොස් සොයමින්  මැතිවරණ කල් දැමීමේ කූට උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

ජනාධිපති ධුරය අහෝසි කිරීම සරල ක්‍රියාවලියක් නොවන බවත් එය සංකීර්ණ ක්‍රියාදාමයක් මෙන්ම  කරනවානම්  අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොපිළිගන්නා තත්වයකට පත්ව ඇති බවත් අංගසම්පූර්ණ නැතහොත් සර්ව සම්පූර්ණ මැතිවරණ ක්‍රමයක් ලෝකයේ කොහෙවත් නොමැති බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වර්තමාන ආණ්ඩුවට ජන මතයක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site