
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා අද පෙරවරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.
මියයනවිට 81වන වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.
හෙතෙම ගවේෂණාත්මක ඉතිහාසඟුයකු මෙන්ම ප්‍රකට ලේඛයකු හා දේශකයකු ද වේ. ඉතාමත් දැඩි දේශාභිමානීයකු වූ ආචාර්ය ගුණසේකරයන් ලියු ග්‍රන්ථ අතර සූක්ෂමව වනසන සිංහල ,ඓතිහාසික රාවණා , කොටි දඩයම, මහා ඓතිහාසික අසාධාරණ ය ලංකා ඉතිහාසයේ හෙළ යුගය, යනාදිය වේ.
ආචාර්ය ගුණසේකර යන් ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි සපයා ඇති අතර ලන්ඩන් ගිය බණ්ඩා විශේෂාංග ලිපිය ඒඅතර ඉතා ජනප්‍රිය ලිපියක් සේ සැළකේ.
ඒ මහතා සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් ධුරයේද කටයුතු කළ අයෙකි.
දේහය පිටකෝටිටේ කෝට්ටේ පාරේ රුවන් පෙදෙසේ අංක454/2 නිවසේ තැන්පත් කර ඇත අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ
ආරියරත්න රණබාහු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා..!
ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා..
රටට හිතැති රටේ සත්‍ය ඉතිහාස ගවේශනයෙන් සත්‍ය හෙළිදරව් කිරීමට කැපව කටයුතු කළ එතුමාගේ අභාවය රටට පාඩුවකි ජනතාවට දුකකි. එතුමාට නිවන් සුව පතමු
තවත් විශිෂ්ටයකුගේ සමුගැන්ම. අමා මහ නිවන් සුව ලැබේවා!
අමා මහ නිවන් සුව ලැබේවා...!