IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආගමික ස්ථානවල වත්කම් සංගණනයක්

(යොහාන් භාසුර)

බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථානයනවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

බොහෝ විහාරස්ථානවල දේපළ, වාහන හෝ ඒවාට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් සහ ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන්  ගැටළු සහගත තත්වයක් ඇතිවීම, එම ස්ථාන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතිවීම, වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුව බව ද   අමාත්‍යවරයා කීය.



අදහස් (6)

ආගමික ස්ථානවල වත්කම් සංගණනයක්

G. K. Ekanayake Monday, 24 July 2023 10:24 PM

අඛිල විරාජ් කාරියවසම් මේ වැඩේම කරන්න ගිහින් අනාගත්ත. විධුර ටත් එසේම වනු ඇත.

:       0       0

Demuni de Silva Tuesday, 25 July 2023 03:36 AM

සුදුසු ක්‍රියාවක්!

:       0       0

Bunny Preena Tuesday, 25 July 2023 09:55 AM

ආගමයි, භක්තියයි ඉස්සරහට තියලා ජනතාවගෙන් පඳුරු වශයෙන් ලැබෙන මුදල්, පිටරටවලින් පරිත්‍යාග ලෙස ලැබෙන භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය සහ මුදල් සොරකම් කරන සංවිධානාත්මක පිරිසක් සියලුම ආගම්වලට අයිති ඔය පල්ලි, පන්සල් සහ කෝවිල්වල ඉන්නවා. මෙවැනි සොරුන් සහ වංචනිකයින්ට නිසි දඬුවම් ලබාදීමටද කටයුතු කළ යුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 July 2023 11:33 AM

මේ ආකාරයෙන්ම පන්සල්වල සිටින ළමා වයස්වල හාමුදුරුවරුන්ගේ කායික සහ මානසික පරීක්ෂාද කලින් කලට සිදුකරන්න....

:       0       0

සෙනෙවිරත්න Tuesday, 25 July 2023 12:09 PM

බොහෝම හොඳ වැඩක්... සාසනේ ඉවරයි කියලා පණ ඇරගන්න හැදුවාට ඔය පියවර පස්සට ගන්න එපා. ඔය දත්ත ප්‍රසිද්ධ කරන්න...

:       0       0

සල්ලි Tuesday, 25 July 2023 01:48 PM

මේකා ගමන් බිමන් යන්නේ අපෙ සල්ලි වලින් ගත්තු eclipse එකක. හැබැයි වටිනාකමක් ඇති වැඩක් කරන්නෙම නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site