(එම්.සුසිල් පියන්ත)

අහුන්ගල්ල ගල්වෙහෙර සී.පී ද සිල්වා මාවතේ නිවසක නිදා සිටි පුද්ගලයකුට වෙඩි තුවාල සිදු කළ අයකු වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගාල්ල අපරාද කොට්ඨාසය කියයි.

මේ වෙඩි තැබීම ඊයේ (4)අලුයම දෙකට පමණ සිදුව තිබූ අතර එම වෙඩි තැබීම සිදු කොට පැය විසිහතරක් යන්නට මත්තෙන් සැකකරු   අත් අඩංගුවට ගැනීමට තමන්ට හැකියාව ලැබුණු බවද ගාල්ල අපරාද කොට්ඨාසය කියයි.

මේ වෙඩි තැබීමෙන් අහුන්ගල්ල ගල්වෙහෙර සී.පී.ද.සිල්වා මාවත ලිපිනයේ පදිංචි සිටි  හැත්තෑ හැවිරිදි අයකු තුවාල ලැබූ බවත් ඔහු මේ වනවිටත් බලපිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවත් පොලීසිය කියයි.