IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අස්වැන්නේ අග්‍රභාගය බුදුන්ට පූජා කරයි

(සුජිත් හේවාජූලිගේ)

නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදි අද පැවැත්විණි.

ගොවි ජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව  සඳහා වෙන්කිරීම් සාම්ප්‍රදායිකව කරගෙන එන් ලබන වාර්ෂික චාරිත්‍රයකි. 54 වන වරටත් පැවැත්වුණු ජාතික අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යංශ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණි.

කලට වැසි ලැබී කෙත් වතු සරුසාරවන්නට සොබාදහමේ ශක්තිය සහ රත්නත්‍රයේ ආශිර්වාදය අපෙක්ෂාවෙන් සතර දෙසින් පැමිණි ගොවි ජනතාව අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රයට එක් වූහ.



අදහස් (7)

අස්වැන්නේ අග්‍රභාගය බුදුන්ට පූජා කරයි

Tharindu Perera Sunday, 04 April 2021 08:44 AM

රටේ මිනිස්සුන්ට අඩුමිලට හාල් දෙන්න බැරිව මෝල් හිමියන් ඉස්සරහ දණින් වැටෙන මේ ජනාධිපති දැන් රට්ටු හිනස්සන්න අලුත් සහල් මංගල්‍යයට ගිහින් සහල් බුදුන්ට පූජා කරනවා. ඇත්තටම කරන්න අවශ්‍ය දේ පැත්තකින් තියලා බොරු මීඩියා ෂෝ නම් උඩදාගෙන කරන්න මෙයා හරි හපනෙක්...! අනේ අපිත් ඉතින් ඡන්දේ දුන්නේ මෙහෙම අයටනේ...!

:       13       45

Thaufeek Sunday, 04 April 2021 09:16 AM

හැමදේම විවෘත කරන්න දේශපාලකයින් ඉන්න දුප්පත් රටක්..

:       4       35

rathgama Sunday, 04 April 2021 09:42 AM

ඇත්තටම ඔය එකතු කරන දේවල් කවුද භුක්ති විඳින්නේ..? මැටි පිළිමයකට සහල් අස්වැන්නක් අවශ්‍ය නැහැ නේද?

:       13       28

janahitha Sunday, 04 April 2021 10:01 AM

අනේ අපේ හාමුදුරුවනේ, පොල්තෙල් බෝතලයක්, සීනි කිලෝ 02ක් එහෙම පිරිකර තිබුණා නම් කොච්චර අගනේද?

:       9       23

Asanga Sunday, 04 April 2021 10:16 AM

බොරු මීඩියා ප්‍රදර්ශන තියෙනවා මෙයා... අම්මපා අපිත් රැවටුණු රැවටිල්ලක්. ඔයිට වඩා නරකද හාල් මිල අඩු කරන්න ක්‍රියා කළා නම් මොකද රටේ මිනිස්සුන්ට බොරු ෂෝ දාලා වැඩක් නැහැ දැන්...

:       7       39

kapila Sunday, 04 April 2021 01:14 PM

මේ පූජාකරපු සහල් ප්‍රමාණයම, දුප්පත් මිනිස්සු අතරේ බෙදලා ඒ මිනිස්සුන්ගේ කුසගින්න නැති කළානම්, බුදු හාමුදුරුවො අපමණ ප්‍රීතියට පත්වෙයි.. උන්වහන්සේ දෙශනා කළේත් ඒ වගේ කරන්න තමයි. නැතුව උත්සව තියාගෙන කටාරම් පුරවන්න නෙමෙයි. ගොවි පුතුන් මහන්සිවෙලා කුඹුරු කරලා හාල් හදලා, මෝඩ පුතුන් හොඳට හෙවනේ වාඩිවෙලා ඒවා පූජා කරනවා. මහන්සි වෙච්ච ගොවි පුතුන් වැටෙන් එපිට, අව්වේ හිටගෙන ඒක දිහා බලන් ඉන්නවා.

:       6       21

sunil Sunday, 04 April 2021 11:35 PM

මේ සහල් දුප්පත් මිනිසුන් අතර බෙදා දුන්නනම් කොතරම් පිනක්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17840 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site