(ජේ.ඒ.එල් ජයසිංහ)
කෝවිඩ් - 19 වයිරසයට සීඝ්‍රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත.
මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කී සැරයක් කියන්න ඕනද.?
රට වැහුවට කමක් නෑ ගියවතාවේ වගේ රටට සෙත් පතා "ලවුඩ්ස්පීකර් පිරිත් " නම් දාන්න කියලා කියන්න නම් එපා හාමුදුරුවනේ..!. අහළ පහළ ගෙවල්වලට හරිම කරදරයි. පොඩි දරුවන් සහ වැඩිහිටියන් ඒ අධික ශබ්දයන් නිසා උදේ සවස පීඩා විඳිනවා.. මේක මානුෂීය ඉල්ලීමක්... ගෙවල්වලට හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කරදර කරන්න එපා...
මහා නාහිමිවරු මෙච්චර දවසක් පිටරටක ඉඳලා ඊයේ නේද ලංකාවට ආවේ
හාමුදුරුවනේ රටේ මිනිස්සු අසීරු තත්වයක .පිං කැටවල සල්ලි එලියට අදින්න කාලෙත් හරි
අනේ මේ අපි දෙන දෙයක් කාලා ඉන්නවද? අපිට කන්න දෙන්නේ ඔයාලා නෙමෙයිනේ...
හාමුදුරුවනේ, අපේ ජනපති තාම අවදි නොවේවි... අවදි වුණාට පස්සේ තීරණයක් ගනීවි. දැන් සතියක් ඉවසුවා වගේ තව පැය කීපයක් පණකෙන්ද අල්ලන් ඉන්න කියලා සියළුම රෝගීන්ට යුදහමුදාපති මඟින් නියෝග කරාවි. මරුවා සැමට එන්න කියාවි. ඊට පස්සේ අපේ ජනාධිපති රට වසාවි.
දැන් ඉතින් සලකා බලයි... මහ ජාතිය නැතිනම් තරහා වෙයි...
දැන් වහන්න බැරිකම නොවේ... වැහුවොත් සර්ගේ උද්දච්ච තීරණය පරාජයට පත් වෙන නිසා සද්ද නැතුව ඉන්නවා.
බස්නාහිර පළාත පමණක් ඕනෑම නම් දැනට වහන්න...
කියන පරක්කුවට වහයි හාමුදුරුවනේ මෙන්න කියලා....
ස්වාමීන් වහන්ස, ඔබලාගේ පන්සල්වල ඇති මහා ධනස්කන්ධය දුප්පත් නැති බැරි මිනිසුන් වෙනුවෙන් යොදවන්න. එයයි බුදුන් වහන්සේ වදාලේ, බුදුන් දෙසූ දහම අනුව ඡීවත් වෙන්න. බෞද්ධ අපිට ලැජ්ජයි අද බොහෝ සිවුරුදාගත් මහණුන් ගෙවන ජීවිත දැක්කාම... කරුණාකර ඔබලා ගෙවන ඔය සැප ජීවිත වලින් මිදී බොදු පිළිවෙත අනුව ජීවත් වෙන්න...
මහානායකවාදය ථේරවාදයෙන් වෙනස් වන්නේ කෙසේද? අන්තර්ජාලයේ මහා නායකවාදය ගැන සොයා බලන්න.
ගරුතර ස්වාමින් වහන්ස, මේ රට මුහුණපා ඇති අවාසනාවන්ත තත්වය හමුවේ පාලකයින් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් කිසිවක් පිළිනොගෙන , තමන්ගේ මහත්වූ උද්දච්ච බව පෙන්වමින් සිටින මොහොතක... " රට ටික දිනකට හෝ වසන්න..." යයි ඔබ වහන්සේලාගේ ඉල්ලීම ඉතා ඉහලින්ම අගේකරමි.මේ රටේ මිය යන මිනිස් ජිවිත බේරාගැනීම ඒ ලිපියේ අරමුණ බව මොලය ඇති ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වැටහෙනු ඇත.පාලකයින් ඔබ වහන්සේලාගේ කාරුණික ඉල්ලීමත් නොතකා තවදුරටත් රට විවෘර්ත කර තබා දහස් ගණනින් මිනිසුන් මියයන්නට ඉඩ හැරියොත් ...? මේ අසික්කිත, මිනීමරු, හොර දේශකාපාලුවන් ...ඔබ වහන්සේලාගේ පන්සල් වෙත පිළිගන්නවාද...? ....... හෙටත් මේ මිනීමරුවන්ට " පිරිත් නුල් " බඳිනවාද..? අවවාද අනුශාසනා කරනවාද ...? පිළිතුර උගත් බුද්ධිමත් ඔබවහන්සේලා සතුයි.
මේ තරම් වින්නැහියක් අපේ රටට වෙලා තියෙද්දිත් ඇයි ජනපති තුමන් රට නොවහා උඩ බලන් ඉන්නේ ?
රටේ ජනතාව මේ තරම් අවධානම් තත්වය කට පත්වීමට ප්‍රථම,මේ සෑම දෙනා එකතුව දේශපාලනයෙන් තොරව පාලකයාට බලපෑම් කළේ නම් කොතරම් වටින්නේද ? එය මුලදිම එසේ වූවානම්,රටේ වසන්නට වෙන්නේ ප්‍රදේශ කිහිපයක් පමණයි.එසේ වූවා නම්,ආර්ථිකයටද එතරම් බලපෑමක් එල්ල නොවේ.නිරපරාදේ මියගිය ජීවිත දහස් ගණනක් රැකගැනීමට ද,හැකියාව තිබුණි.
සම්පුර්ණයෙන්ම අගුළු දමන්න එපා, බලපෑමට ලක් වූ ප්‍රදේශ වසා දමන්න. සියලුම රජයේ බලධාරීන්ට සහ සංඝයන්ට ජීවත් විය හැකි නමුත් එදිනෙදා වැඩ කරන සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට මුදල් නොමැතිව ඔවුන් ජීවත් වන්නේ කෙසේද?
දැනුයි ඇස් ඇරලා තියෙන්නේ .
මැරෙනකොට තමයි ඔබ වහන්සේලාටත් මතක් වෙන්නේ .රට පුරා පෙළපාලි යන කොට කට වහගෙන ඉඳලා දැන් වැඩි බන දේශනා කරලා වැඩක් තියනවාද
කුලී වැඩක් කරලා එදිනෙදා වේල පිරිමහ ගන්නා දුප්පත් මිනිස්සුන්ට ජීවිකාව කරගෙන යන්න බැරිවෙන නිසා රට වහන්නේ නෑ කියලයි දැන් කියන්නේ. අනේද කියන්නේ.
රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් හමුවුන වෙලාවක රට වැසීම ප්‍රයෝජනවත්.
එදාවේල හොයාගෙන කන කෙනාට කන්න දෙන්නේ කවුද.?
රට වහන්න ඕන ඒකට එකම විසඳුම ඒකනම්.
අස්ගිරි, මල්වතු විහාරවලට අයිති කෝටිගණන් වටිනා දේපළ ජනසතු කරන්න මේ කරදර කාලේ...
ඔය රට වහන්න කියන හැමෝගෙන්ම පඩියෙන් 50%ක් කපලා එදිනෙදා හම්බ කරන් කන අයට දෙන්න ඕනෑ. ඔබවහන්සේලාටත් පුළුවන් පන්සලට ලැබෙන ආදායමෙන් 50%ක් එහෙම දෙන්න.
ජනාධිපති තුමා රට වහයි.