IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අස් වැසුමේ ප්‍රතිලාභ පවුල් ලක්ෂ හතරකට

(අංජුල මහික වීරරත්න)

අස් වැසුම ප්‍රතිලාභ ලබන ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

එ් අනුව ලබන වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 4 කින් පමණ ඉහළ යාමට නියමිත අතර පවුල් ලක්ෂ 24 කට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය.

අස් වැසුම හිමි වන පවුල් වල සිටින වකුගඩු , වැඩිහිටි සහ ආබාධිත දීමනාව ලබන සියලු දෙනාට අස්වැසුමට අමතරව එම දීමනා ද ලබා දීමට ද රජය මේ වන විට තීරණය කර ඇත.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

මෙලෙස අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ඉහල දැමීම වෙනුවෙන් හා අස්වැසුමට අමතරව අනෙකුත් ප්‍රතිලාභ ගෙවීම වෙනුවෙන් 2024 අය වැයෙන් රුපියල් බිලියන 207 ක් වෙන් කර තිබේ.

ජනවාරි සිට අස්වැසුම ඉල්ලුම්පත් නිකුත් කරන අතර අයැදුම් පත් පරිගණක ගත කිරීමේදී ගියවර වූ තාක්ෂණික දෝෂයන් නිවැරදි කිරීමට අලුත් ක්‍රමවේදයක් ද හදුන්වාදීමට නියමිතය.

 



අදහස් (6)

අස් වැසුමේ ප්‍රතිලාභ පවුල් ලක්ෂ හතරකට

රංබොඩ Saturday, 23 December 2023 09:38 AM

ආබාධිත සහ ⁣⁣රෝගී පවුල් සඳහා ආධාර දෙන එක හොඳයි... නමුත් අතපය හතර හොඳට තියෙන අයට ඡන්ද බලාගෙන ආධාර දෙන්නේ රටේ අතිරික්තය නෙවෙයිනේ. ණයට අරගෙන බදු ගහලා ගහලා විදුලි බිල ඉහළ දාලා, ඒ සල්ලි වලින් ආධාර දෙනවා. අනේ මන්දා!

:       0       9

නන්දන Saturday, 23 December 2023 01:45 PM

වයෝවෘද්ධ සහ රෝගීන්ට හැර අනෙකුත් සියළුම රජයේ ආධාර ලබන්නන්ගෙන් ඒ සඳහා සතියකට යම්කිසි පැය ගණනක් කිසියම් ආකාරයක සේවයක් රජයට ලබාගත යුතුයි. දුම්රිය ස්ථාන, පාසල්, ආගමික සිද්ධස්ථාන, ආදියේ පිරිසිදු කිරිම, පාර දෙපස ඇති කාණු පද්ධති නඩත්තුව වැනි කටයුතුවල මේ අය යෙදවීය හැකියි. එයින් බදු ගෙවන්නන් හට සාධාරණයක් ඉටුවන අතර ආධාර ලැබීමට නුසුදුසු අය රජයේ ආධාර ලබාගැනීම වැළකේ. දේශපාලන හිතවත්කම් මත රජයේ ආධාර ලබාදීමද වැළකේ. අවසානයේදී රජයේ ආධාර ලබන්නන් හට වඩා වැඩි ආධාර මුදලක් පිරිනැමීමටද ඉන් හැකිවනු ඇත...

:       0       9

නිල්මිණි වීරසිංහ Saturday, 23 December 2023 03:35 PM

නන්දන කියන දේ හරි... මුලින්ම ජනසවිය දුන්නු කාලයේ රටේ කිසියම් වැඩක් සිදුවුණා. ඒක ගන්න ගෑනු මිනිස්සු වැඩට ආවා. ඉන්පසුව ඡන්දය බලාගෙන අටවපු අවුරුදු තිහක් වෙන සමුර්ධි නිකම්මු බෝකරන ව්‍යාපාරයක් වෙලා තියෙනවා ඉන් ලැබෙන විවිධාකාර ප්‍රතිලාභ නිසා මිනිස්සු කිසිම වැඩක් කරන්න කැමැති නැහැ... නිදහසින් පස්සේ ඇතිකළ නිකම්ම කෑමට හුරුකිරීම තමයි දේශපාලුවෝ හොරාකනවාටත් වඩා නාස්තියක් වෙලා තියෙන්නේ..!

:       0       6

Prabha Saturday, 23 December 2023 02:18 PM

මේ අය කවද්ද හම්බකරන් කන්න පුළුවන් රටක් හදන්නේ?

:       0       6

D M සිරියලනා මැනිකේ Sunday, 24 December 2023 05:11 PM

සමෘධි අධාර ඉවත් කර... මහට අස්වැසුම යොජනා මා ඉදිරිපත් කර තිබුණි.. මා හට කුඹුරු, පදිංවි ඉඩමක් හෝ වැසිකිළියක්වත් නොමැත... රුපියල් 2500/= මා ඇතුළත්ව සිටියා.. මුල සිටම එය මා හට නොලැබුණි... විමසීමට ගිය විට නැවත සමික්ෂණ කරන තුරු කියා මා හට පැවසිය... අද වෙනතුරු කිසිම දෙයක් නොලැබී සිටිමි..

:       0       0

V M manukulasooriya Friday, 04 July 2025 10:07 PM

අස්වැසුම ලබාගැනීමට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site