
(අංජුල මහික වීරරත්න)
අස් වැසුම ප්‍රතිලාභ ලබන ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
එ් අනුව ලබන වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 4 කින් පමණ ඉහළ යාමට නියමිත අතර පවුල් ලක්ෂ 24 කට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය.
අස් වැසුම හිමි වන පවුල් වල සිටින වකුගඩු , වැඩිහිටි සහ ආබාධිත දීමනාව ලබන සියලු දෙනාට අස්වැසුමට අමතරව එම දීමනා ද ලබා දීමට ද රජය මේ වන විට තීරණය කර ඇත.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
මෙලෙස අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ඉහල දැමීම වෙනුවෙන් හා අස්වැසුමට අමතරව අනෙකුත් ප්‍රතිලාභ ගෙවීම වෙනුවෙන් 2024 අය වැයෙන් රුපියල් බිලියන 207 ක් වෙන් කර තිබේ.
ජනවාරි සිට අස්වැසුම ඉල්ලුම්පත් නිකුත් කරන අතර අයැදුම් පත් පරිගණක ගත කිරීමේදී ගියවර වූ තාක්ෂණික දෝෂයන් නිවැරදි කිරීමට අලුත් ක්‍රමවේදයක් ද හදුන්වාදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආබාධිත සහ රෝගී පවුල් සඳහා ආධාර දෙන එක හොඳයි... නමුත් අතපය හතර හොඳට තියෙන අයට ඡන්ද බලාගෙන ආධාර දෙන්නේ රටේ අතිරික්තය නෙවෙයිනේ. ණයට අරගෙන බදු ගහලා ගහලා විදුලි බිල ඉහළ දාලා, ඒ සල්ලි වලින් ආධාර දෙනවා. අනේ මන්දා!
වයෝවෘද්ධ සහ රෝගීන්ට හැර අනෙකුත් සියළුම රජයේ ආධාර ලබන්නන්ගෙන් ඒ සඳහා සතියකට යම්කිසි පැය ගණනක් කිසියම් ආකාරයක සේවයක් රජයට ලබාගත යුතුයි. දුම්රිය ස්ථාන, පාසල්, ආගමික සිද්ධස්ථාන, ආදියේ පිරිසිදු කිරිම, පාර දෙපස ඇති කාණු පද්ධති නඩත්තුව වැනි කටයුතුවල මේ අය යෙදවීය හැකියි. එයින් බදු ගෙවන්නන් හට සාධාරණයක් ඉටුවන අතර ආධාර ලැබීමට නුසුදුසු අය රජයේ ආධාර ලබාගැනීම වැළකේ. දේශපාලන හිතවත්කම් මත රජයේ ආධාර ලබාදීමද වැළකේ. අවසානයේදී රජයේ ආධාර ලබන්නන් හට වඩා වැඩි ආධාර මුදලක් පිරිනැමීමටද ඉන් හැකිවනු ඇත...
මේ අය කවද්ද හම්බකරන් කන්න පුළුවන් රටක් හදන්නේ?
සමෘධි අධාර ඉවත් කර... මහට අස්වැසුම යොජනා මා ඉදිරිපත් කර තිබුණි.. මා හට කුඹුරු, පදිංවි ඉඩමක් හෝ වැසිකිළියක්වත් නොමැත... රුපියල් 2500/= මා ඇතුළත්ව සිටියා.. මුල සිටම එය මා හට නොලැබුණි... විමසීමට ගිය විට නැවත සමික්ෂණ කරන තුරු කියා මා හට පැවසිය... අද වෙනතුරු කිසිම දෙයක් නොලැබී සිටිමි..
අස්වැසුම ලබාගැනීමට...!