
(රොමේෂ් මධුෂංඛ)
ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කළ ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
අතීතයේ සිට ජනතාව කරත්තය උපයෝගී කොට ගෙන සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියේය.
කෙසේ වෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.
යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවෝ වැඩිදුරටත් පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට නම් දියවන්නාවෙන් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්...!
අපි ආපසු අතීතයට... පරිසර දූෂණය අවමයි. අපේ රට පුරාම මෙය සිදුවෙනවා නම් යහපත් දෙයකි...!
ටැංකිවල තෙල් නැද්ද?
දියවන්නාවට එන දේශපාලුවන්, ගොන්කරත්ත වලින් දක්කන්න පුළුවන් වුණා නම් තමයි වැඩිය හොඳ. දූෂිත දේශපාලුවන් රටම කාබාසිනියා කෙරුවා....
හොඳට තිබුණු රට සහරාන්ගේ බෝම්බයෙන් සහ නන්දසේනගේ ජාතිවාදයෙන් විනාශ කළා...
මෙයා තමයි ගොබ්බසේන... ඔබට පොරොන්දු වූ සෞභාග්‍යයේ දැක්ම...!