
(අංජුල මහික වීරරත්න)
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පමණන් 55,000 ක පමණ මගීන් ප්‍රවාහන පහසුකම් සපයාගෙන තිබෙන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය පවසයි.
ඊයේ වැඩිම මගී ජනතාවක් ගමනාගමනයේ යෙදුණු දිනය ලෙස වාර්තා වූ බවද අමාත්‍යංශය කියයි.
කොළඹ සිට දුර ගමන් හා කෙටි ගමන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම් උත්සව සමයේදී ලබාදීමට රජය විසින් විශේෂ ප්‍රවාහන සේවා සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අප්‍රේල් මස 10 සිට 21 දක්වා මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සේවා බස් රථ දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි යොදවා ඇතැයි අමාත්‍යංශයය පවසයි. මෙම ඒකාබද්ධ ප්‍රවාහන වැඩපිළිවෙල සදහා අතිරේක බස් රථ 1,500 ක් යෙදවීමට ලංගම විසින් කටයුතු කර ඇත.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd