(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂවරුන් පුටින්ලා, දුටුගැමුණුලා, ධර්මපාලලාට අන්දා ජනතාව රවටා රට බංකොලොත් කළ අයට රටේ ස්වෛරීභාවය ගැන වචනයක් වත් කතා කිරීමේ අයිතියක් නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සොරකම නවතා රාජ්‍ය කාර්යක්ෂමතාව ඇති කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව කී චම්පික රණවක මහතා සොරකම නැවතීම සහ රටේ ධනෝත්පාදනය අතර වෙනස නොදන්නා අයට රටක නායකයන් විය නොහැකි බව ද කීය.
එක්සත් ජනරජ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් රණවක මහතා මේ බව පැවසීය.
ජනාධිපතිවරයාගේ ලියවිල්ල අනුව රට අර්බුදයෙන් ගැලවෙන්නේ 2032 දී බවත් රට දියුණු වෙන්නේ 2048 දී බවත් කී රණවක මහතා තව අවුරුදු 25 ක් දුක් විඳින්න පුළුවන් දැයි ප්‍රශ්න කළේය.
වසර තුනක් ඇතුලත රට හදන්නට එක්සත් ජනරජ පෙරමුණට හැකියාව ඇති බව කී රණවක මහතා රටේ තිබෙන මූලික ප්‍රශ්න තුනක් වන ඖෂධ සහ රෝහල් සේවයේ ගැටලුව,ආහාර ප්‍රශ්නය,බලශක්තිය, ප්‍රවාහනය සහ විදුලිබලය පිළිබඳ ප්‍රශ්නය මුලින්ම විසඳන බව සඳහන් කළේය.
පළමුවෙන්ම රට හදන බවට රටේ වෘත්තීයවේදීන්ට විශ්වාසයක් දිය යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාටත් වෙලා තියෙන්නේ ටිකක් නිහතමානී වෙන්න නොදන්නා එකනේ. නැත්නම් ඔබට ගමනක් තියෙනවා. ඔබ වගේ කෙනෙක් මේ රටේ පාලකයා විය යුතුයි... නමුත් බහුතරයකගේ ආකර්ෂණය ඇදගන්න බැරිවෙලා තියෙන්නේ ඔන්න ඔය කී ගුණය නිසයි. ඒ වගේම ඔයාට ටීම් එකකුත් නැහැනේ... ඔයාට ඉන්නේ ඔයාම විතරයි.
බයිල කෙලින්නෙ නතිව දන්න සාස්ත්‍රෙන් රස්සාවක් හොයා ගත්ත නම් නෙද හොඳ?
පාට ලීයක් නෙවෙයි, දිරච්ච ලීයක්... මැටියෙන් වෙන්න ඇති රට හදන්නේ... අනේ මෙහෙමත් බයිලා කාරයෝ... මහජනතාව ගොනාට අන්දවන්න හදන්නේ..!
බිරිය සමග සමගියෙන් පවුල් කන්න බැරිවුණ ඔයාට පුළුවන්ද කෝටි 2ක ජනගහනය සමගියෙන් දියුණුවට වැඩ කරන්න. අපි දැක්කනේ ඔයාගේ ජාතිවාදය, ආගම්වාදී ක්‍රියා.. අනේ මේ බොරු නොකියා වැඩක් බලා ගන්න...
ජෙප්පන්ගේ වගේම තියෙන්නෙත් වෛරය, ක්‍රෝධය, කුහකකම සහ උපන්ගෙයි අවස්ථාවාදී බව. රෝයල්, සැන්ට් තෝමස්, ආනන්ද, නාලන්ද කාරයෝ කාපු රටේ ඉතුරු ටික මධ්‍ය මහා විද්‍යාල අයට කන්න දෙන්නයි මෙයාට වුවමනා වෙලා තියෙන්නේ...
ඔක්කොම කියන්නේ ඔය ටික තමයි. මෙයා අවුරුදු 3 රට හදනවා කියනවා. අවුරුදු 3 මෙයාට හැරෙන්නවත් මදි. ජෙප්පෝ කවදා හදනවද කියලාවත් කියන්නේ නැත...!