(සුජිත් හේවාජුලිගේ )
වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එමෙන්ම අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට ඉතා නුදුරේදීම කොරෝනා එන්නත් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය .
පාසල් විවෘත කිරීමට පෙර අවුරුදු දොළහට වැනි පාසල් සිසුන්ට එන්නත ලබාදීම වැදගත් බව පෙනී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත ලබාදීම පසුගියදා ආරම්භ කෙරිණ .
මේ අතර එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල කිසිදු ප්‍රශ්නයක් නැතැයිද මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන්ටත් කොරෝනා එන්නත
කිරි පුතා Monday, 19 July 2021 12:04 AM
එන්නත් ගැන ලෝකයට ඇති දත්තයන් අවම වුවද දැනට ඇති එකම විකල්පය එයයි. ලෝකයේ බොහෝ රටවල් වයස 12 ට වැඩි දරුවන්ට එන්නත් දීම අරඹා ඇත. දරුවන් යනු රටේ අනාගතයයි. ඉතාම කාලෝචිතව බුද්ධිමත්ව වැඩකරන වර්තමාන පාලනයට මේ සම්බන්ධ ව ජාතියේ ප්‍රණාමය !