
(අමිල සම්පත් ශ්‍රී ,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ කවීෂා ගුරුසිංහ)
තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගයේ 6 කනුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරුවරියක සහ ඇගේ සැමියා මියගොස් 15 හැවිරිදි පුතා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුගේ තත්ත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
වෑන් රථය පැදවූ රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බවට හැඟි නිසා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව තිස්සමහරාම පොලීසිය සඳහන් කළේය.
කතරගම පූජාවකට කිරින්දේ සිට කතරගම බලා ගමන් ගත් වෑන් රථයක් බව ද පොලිසිය පවසයි.
යටාලතිස්ස ගුරු එකමුතුව වට්ස් අප් පණිවුඩයක් හරහා රැස්වීමකට යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිය අනතුරුවලින් ලංකාවේ සිදුවන මරණ එන්න එන්නම වැඩිවෙනවා. මේවා වළක්වා ගන්න පියවර ගැනීම සහ විසඳුම් සෙවීමයි වැදගත්....!
මෙම අවිනීත රියදුරෝ නිසා කොපමණ වටිනා ජීවිත විනාශ වෙනවද කියලා දිනකට පුවත්පත් වාර්තා රාශියකින් වාර්තා වෙනවා. ඊයේ සවස සේවය නිමවා රත්නපුර රෝහලෙන් පිටවූ හෙදියක්, තමන්ගේ සැමියා සමග නිවසට යද්දී නොහික්මුණු ඩිපෙන්ඩර් රියදුරෙකුගේ හා වැලි ප්‍රවාහන කටයුතු කල රියදුරෙකුගේ කටයුතු නිසා කිරිඇල්ල පොලිසිය අසලදී මියගිය බවත් 28 රාත්‍රියේ අසන්න ලැබුණා
විශේෂිත ස්ථානවල සියලුම වාහන cctv මගින් නිරීක්ෂණය කිරිම මගින් නීතිගරුක නොවන අයුරින් වාහන පදවන පුද්ගලයින් හා පදිකයින් හඳුනා ගැනිම. වරදකරුවන් සඳහා දඩ ගැසිම. විශේෂයෙන්ම රථවාහන නියාමනය සඳහා cctv භාවිතය...