(මනෝප්‍රිය ගුණසේකර)
බලපත්‍රයක් නොමැතිව ඇතින්නක් ලඟතබා ගැනීම ඇතුලු චෝදනාවන් දෙකකට වරදකරු වු අලි රොෂාන් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් කෝටි දෙකකට අධික දඩයක්ද විත්තිකරුට පැණවීය.
බලපත්‍රයක් නොමැතිව ලඟතබා ගෙක සිටි ”සිඟිති” නමැති ඇතින්න රාජසන්තක කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළ විනිසුරු මඩුල්ල විත්තිකරුට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර 04ක සිරදඬුවමක්ද නියම කෙරිණී.
බලපත්‍රයක් නොමැතිව ඇතින්නක් ලඟතබා ගැනීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට එරෙහිව නඟා තිබු චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට ඒකමතිව තීරණය කරමින් ඔහුට මෙම දඬුවම නියම කළ විනිසුරු මඩුල්ල සොරකම් කරන ලද අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටද නියම කළේය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, සහ පලිහපිටිය ගමගේ ජයලත් නමැත්තන්ය.
වසර 06ක කාලයක් පුරා පැවැතී දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න (සභාපති) ලංකා ජයරත්න සහ ආර්. එස්. එස්. සපුවිද යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.
රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි එවකට නීතීපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලි හොරකම් කළ අලි රෝෂාන් වසර 15ක් හිරගෙට