(නිමන්ති රණසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ වෙළෙද සැලක විකිණීමට තබා තිබූ “තහනම් ඖෂධ” පෙති 173ක් නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරීන් සහ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙරේදා (09) සොයා ගනු ලැබීය.
නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ ආහාර ඖෂධ පරීක්ෂකවරුන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී වෙළෙද පොළේ විකිණීමට තහනම් මෙම ඖෂධ පෙති අත්අඩංගුවට ගෙන තිබේ.
මානසික රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ වර්ගය මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් හෙරොයින් වෙනුවට මත්වීමට භාවිත කරන බවත්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ ඇති මෙම වෙළෙද සැලේ එම ඖෂධ විකිණීමට ඇති බවට ලද තොරතුරුවලට අනුව මෙම වැටලීම කළ බවත් පොලීසිය පවසයි.
අදාළ තහනම් ඖෂධය එක් පෙත්තක් රුපියල් සියයක මුදලකට මෙම වෙළෙද සැලේදී විකුණා ඇති බවට ද තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
මෙම ඖෂධය, අදාළ වෙළෙද සැලේ සේවකයාට ලබා දී ඇත්තේ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ජයවර්ධනපුර රෝහල් ශාඛාවේ ගබඩාවේ සේවය කරන සේවකයකු විසින් බවට ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd