
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැසුම සකස් කිරීම සඳහා පසුගිය වසරේදී එම වසර පුරාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළ බවත් එහිදී මහජනතාව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයතන අතර පළමු තැන පොලිසියට හිමිවන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල මහතා පැවැසුවේය.
දෙවැනි ස්ථානය දේශපාලනඥයන් බවත් තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා රේගුව බවත් ඔහු ප්‍රකාශ කළේය. එහි සිවූ වැනි ස්ථානය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමිවන බවත් ඉතිරි ස්ථාන අමාත්‍යාංශ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටර් ජනරාල් කාර්යාලයට හිමිවන බව ඔහු පැවැසුවේය.
මහජනතාව එලෙස හඳුනා ගනිද්දී ලැබුණු පැමිණිලි හා සිදුකළ පර්යේෂණ මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමද ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5 හඳුනාගෙන තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. එහිදී පළමු තැන ශ්‍රී ලංකා රේගුවට හිමිවී තිබෙන බවත් දෙවැනි ස්ථානය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට හිමිවන බවත් ඉද්දවල මහතා පැවැසුවේය. සුරාබදු, ආගමන හා විගමන සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු එහි ඉතිරි ආයතන බව ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලපුරුද්ද ඇති ඈයොනේ ආයිබෝං ඔය හිටපු උන්. එතකොට මක්කැයි ඉතින් මේ ඔහෙලා අපි.
අල්ලස් අල්ලන්න මරු ඉත්තෙක් දාගෙන ඉන්නවා කියලා දැන් ජනතාව දන්නවා. ලැජ්ජාවක් තියෙනවා නම් නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න.
ඔන්න ලංකාවේ පොලිසි වල තරම. හැම පොලීසියේම පොදුවේ හැම එකාම පගා මරුවෝ. එකෙනුත් වත්තල පොලිසිය විශේෂ ඇති...
මෙහිදී පලාත් සභා කියල ඔක්කොටම වරද පටවා තියෙනවා එහි සත්‍ය බවක් තියෙනවාවුනත් ගුරුවරු තමනුත් රාජ්‍යසේවයේ නිසාදෝ හොර ගුහා ලෙසට කලාප අධ්‍යාපන කාර්‍යාල ගැන පැමිණිළි නොකල බව පේනවා එම කාර්‍යාල බොහොමයක් විශේසයෙන් පුද්ගලික ලිපිගොනු අංශයේ පිරිසක් ප්‍රශිද්ධ අල්ලස් කරුවෝමයි