IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ  බස් කොන්දොස්තර වරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වවුනියාව ඩිපෝවේ ජේෂ්ඨ කළමනාකාරවරයෙකු හා කාර්යාල කාර්ය සහායකයකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (05) නියෝග කළාය.

ත්‍රිකුණාමලයේ සිට මවුනියාව දක්වා ධාවනය වු බස් රථයක මගීන් දෙදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ටිකට් පත් ලබා නොදීම සම්බන්ධයෙන්  විමර්ශනයකින් පසු පැමිණිලිකාර කොන්දොස්තරවරයාගේ රැකියාව අත්හිටුවා විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අදාළ පරීක්ෂණයේ විනය බලධාරියා ලෙස කටයුතු කළ සැකකාර  නිලධාරියා නැවත රැකියාව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

දෙවන සැකකරු ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායක වරයෙකු ලෙස කටයුතු කර ඇති බවත් මුදල් ලබාගෙන පළමු සැකකරුට ගෙන විත් භාරදීමට කටයුතු කර ඇත්තේ දෙවන සැකකරු බවත් කොමිසම සඳහන් කළේය.

අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා ලබන 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය 



අදහස් (0)

අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 482 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site