IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අල්ලස් කොමිසම උතුරු මැද පළාත් සභාවෙන් කරුණු විමසයි

( උපාලි ආනන්ද)


අනුරාධපුර මහ නගර සභාවේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා  අක‍්‍රමික ලෙස රුපියල් කෝටි තුනහාමාරක පමණ මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන්  කළ පැමිණිල්ලකට ගන්නා ලද ක‍්‍රිය මාර්ග තම කොමිෂන් සභාවේ දුෂණ විමර්ශන අංක 01 කොට්ඨාශය වෙත  ලිඛිතව දන්වන්නැයි  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව  උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් එච් එම් පී බංඩාර මතාට ලිඛිතව දැනුම් දී තිබේ.


අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික් සදහා පුරනැගුම මගින් ක‍්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිමවීමට පෙර එම සම්පූර්ණ මුදල ගෙවා නිම කර ඇති බව කියන සිද්ධිය ගැන  සහ එම ව්‍යාපෘතීන්  මෙතෙක් වැඩ අවසන් නොකිරීම මෙන්ම පොලොන්නරුව නගරාසන්නයේ ඉදිකළ රජයේ ගොනැගිල්ලක් සඳහා පත් කර සිටි උපදේශක මණ්ඩලයට රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවා ඇති බ ව කියන සිද්ධිය  පිළිබදවද  ගන්නා ක‍්‍රියා මාර්ග තමන්ට දන්වැන්නැයිද අල්ලස් හෝදුෂණ චෝදනා විමර්ශණ කොමිසන් සභාව උතුරු මැද පළාත් ප‍්‍රධාන  ලේකම්වරයාට බීසී / 2483/ 2018/ බී/ 14 අංක දරන එම ලිපිය මගින් තවදුටරත් දන්වනු ලැබ තිබේ. 


මෙම වංචනික සහ දුෂිත ක‍්‍රියා සම්බන්ධයෙන් 1994 අංක 19 දරණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනතේ විධිවිධාන ප‍්‍රකාරව අල්ලස් හෝ දුෂණ  චෝදනා විමර්ශන කොමිසන් සභාව විමර්ශනයක් අරඹා ඇතැයිද එම ලිපිය මගින් පලාත් ප‍්‍රධාන ලේකම්වරයාට තවදුරටත් දන්වා තිබේ.


මේ සමිබන්ධයෙන් ලංකාදීප  දුරකථනයෙන් කළ විමසුමකදී ඊට සම්බන්ධ යැයි පැවසෙන නිලධාරියා සඳහන් කළේ  අනුරාධපුර මහ නගර සභාවේ වැටප් අනුමත කරන්නේ තමා නොව  නාගරික කොමාසාරිස්වරයා විසින් බවත්, අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුවට පැමිණිලි කලේද තමන්  විසින් බවත්ය. 
 



අදහස් (0)

අල්ලස් කොමිසම උතුරු මැද පළාත් සභාවෙන් කරුණු විමසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site