(සුජිත් හේවාජුලිගේ සහ කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මත්පැන් විවෘත කිරීමේදී මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් රා බී පනම් 4 කතාව මින් ඉදිරියට හරියන්නේ නැති පාටයි. කොහොම වුණත් මුදල් තැන්පත් කිරීමක් නේද වෙන්නේ...? මුදල පොලී සමග ආපසු ලැබෙනවා නේද?
ධර්මිෂ්ඨ රාජ්‍යයක්...?
යෝශිතගේ කළු සල්ලිවලින් එකකට ගෙව්වාලු නේද ? තමුසෙ ,ඇඟේ මයිල් කපලා ජම්පර් ඇඳලා හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා,හොරාකාපු සල්ලි වමාරන්නත් වෙනවා.
බාර් එකක් යනු එක පැත්තකින් රජයට ආදායමක් වනවා සේම අනික් පැත්තෙන් වුව සේවය වෙනුවෙන් දරන වියදමේ වැඩිවීමකි. තවත් පැත්තකින් සමාජ ප්‍රශ්න ගොන්නක එකතුවකි . අවසාන් ප්‍රතිපලය ඍන අගයක් පවතී
ඔය වගේ දේවල්. ලෑස්ති කරගන්න එක හොඳයි. මෝඩ නඩේට ඡන්දෙන් පස්සේ.... කරන්න දෙයක් එපැයි. පැරදිලා ගෙදර යන නිසා මේකෙන් ගොඩයන්නේ කුඩ්ඩොයි. ගොබ්බයොයි. නිකම් ඉඳලා හම්බ කරන මුදල්නේ. ඇති වුණත් එකයි, නැති වුණත් එකයි... ඡන්දේ ලන්වෙනකොට පුදුම ආදරයක් පහළ වෙන්නේ ජනතාව කෙරෙහි. ව්තුරබිල් අඩු වෙනවාලු, කරන්ට් බිල අඩු කරනවාලු. හොරු අල්ලනවා. මෙයාලාට හරියට වැඩ දැන්. කොසු මිට කැඩෙනකම් ගහන්න ඕනෑ. ගෙවල්වලට ආවාම. ආච්චිට හරි, සීයාට හරි කියලා...
සියලු මත්පැන් බලපත්ත්‍ර කරුවන්ගෙන් බලපත්ත්‍රය අලුත් කරනකොට 10000000 ක තැන්පතුව ගන්න කාටත් සාදාරන ලෙසට
මේක මහා මෝඩ ආණ්ඩුවක් , ලංකාවේ තිබෙන සංචාරක හෝටල් හෝ රෙස්ටුරන්ට් වලින් 99% බැහැ මෙම මුදල තැන්පත් කරන්න , ඔවුන් සුරාබදු නිලධාරියට කියක් හෝ දීල වැඩේ කරගෙන යනවා , මේකෙන් වෙන්නේ රජයට ලැබෙන බදු මුදල අහිමි වෙන එක , තෛලන්තේ වගේ රටවල මත්පැන් සුපෙර්මර්කෙට් එකෙන් ගන්න පුළුවන් මෙහෙම විකාර නැහැ , කලාපේ අනෙක් රටවල් සමග තරඟයක් දෙන්න අපේ සංචාරක වියපරේට බැහැ මෙවැනි අමනොද්‍ය පාලකයන් සමග ,