
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ අලුත් බදු ගෙවන්නන් ලක්ෂ තුනකට වඩා එකතු වී තිබෙන බව විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
එලෙස කාර්යක්ෂම වී භාණ්ඩාගාරය පුරවා තිබෙන බවද අමාත්‍යවරයා කීය.
"මේ ආයෝජකයන් ඇවිත් හැරිල ගිහිපු රටක්.ඇත්තෙන්ම අප බාර ගත්තෙ නැවතිච්ච රටක්.අපි පුරවලා තියෙන්නේ එවැනි භාණ්ඩාගාරයක්. අපේ ආණ්ඩුව ආවට පස්සේ රට දේශපාලන වශයෙන් ස්ථාවර වුණා.මේ වෙද්දි අපේ රට යම් පමණකට ආර්ථික වශයෙනුත් ස්ථාවර වී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් බොලා හම්බවෙන්න අල ලූනු එළවලු බදු ගෙවන්නොත් කොළඹට එයි මුන ගැහෙන්න .
ඔව් ඔව් ස්ථාවර වෙලා තියෙනවා, පැලවත්ත කල්ලියේ ආර්ථිකය නම්, හයිවේ හදන්න, මහාමාර්ග හදන්න හා ගොඩනැගිලි හදන්න ඔය තරම් දගලන්නේ ඒ නිසානේ. රාජපක්ෂලා වික්‍රමසිංහලා ප්‍රේමදාසලා ගිය පාරේම අගේට යනවා. මේ රටේ නිර්ධන පංතියට අබ සරණයි !
මුදලාලිලා අල්ලන්නේ නැතිව රැකියාවලින් හම්බ කරන මිනිස්සුන්ට තලලා වැඩක් නෑ. මේ දවස්වල කෝටි ගණන්වල වාහන ලියාපදිංචි කරන අය ඒ මුදල් හොයපු විදිය හොයන්න අපේ දේශීය ආදායම් නිලධාරීන්ට බැරුව ඇති. නැතිනම් ඒවා අතයට ගණනට දියකරනවාද?