
(විමුක්ති එස් රුද්‍රිගු)
නව මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජපානයේ මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් යුකිකෝ ඔකානෝ මහත්මිය දෙරට අතර පැවති සාකච්ඡාවන් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිතකර සලකා බැලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කළ බවත් මේ අවස්ථාවේ ජපානයට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉක්මණින් සහ ගැටලුවකින් තොරව අවසන් කිරීම බවත් ඔකානෝ මහත්මිය පෙන්වා දී තිබේ.
වගකිව යුතු ණය දෙන්නකු ලෙස ණය බරින් පීඩිත වී සිටින රටකට නව ණය ලබා දීම කළ නොහැකි බව ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ කිසිඳු ද්වි පාර්ශ්වික ණය හිමියකුට ශ්‍රී ලංකාව විශේෂයක් නොකරන බවට ජපානයට සහතිකයක් ලබා දී තිබෙන බව ඔකිකෝ මහත්මිය පවසා ඇත.
චීනය, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති අනුකූල නොවන අයුරින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ වෙනත් රටවල ක්‍රියාත්මක කර ඇති විශාල පරිමාන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ජපානය අවධානයෙන් පසුවන බවද ඔකානෝ මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති පිළිබඳ ජපානය සාකච්ඡා නොකළ බවත් ඉදිරියේදී ජපාන රජය ඒ පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවත් ඇය පවසා ඇත.
වාර්ෂිකව සියයට 1.5 ක ස්ථාවර පොලී අනුපාතිකයකට යටත්ව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ද්වි පාර්ශ්වික ණය කල් පිරීම වසර 15 ක් දක්වා දීර්ඝ කිරීමටත් වසර නවයක් යන තෙක් පොලිය ගෙවීම අත් හිටුවීමටත් ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙන බව ඔකානෝ මහත්මිය පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති පිළිබඳ ජපානයට අවස්ථාවන් වැඩිකර / පුළුල් කර වාර්ෂිකව සියයට 1.5 ක ස්ථාවර පොලී අනුපාතිකයකට යටත්ව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ද්වි පාර්ශ්වික ණය කල් පිරීම වසර 15 ක් දක්වා දීර්ඝ කිරීම වෙනුවට ලබාදී තිබෙන්නා වූ නය "හරි අඩකින් අඩුකිරීමට / කපාහැරීමට" සහ ඉතිරිය සඳහා වසර නවයක් යනතෙක් පොලිය ගෙවීම අත් හිටුවීමටත් ජපානය එකඟ කරවා ගැනීමට උත්සාහ කළයුතු වේ. එක් රටක් මේ සඳහා එකඟ කරවා ගැනීමට හැකි නම් අනෙක් රටවල් ද මේ සඳහා අවධානය යොමු කෙරෙනු ඇත. චීනයට ලබා දී තිබෙන්නා වූ අවස්ථාවන් නැවත සලකා බලා එම අවස්ථාවන් ජපානය, ප්‍රංශය සහ ණය ලබාගෙන තිබෙන්නා වූ වෙනත් රටවලට අවස්ථාවන් ලබාදීමට කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතුවේ. ආසියානු කලාපයේ ජපානය, දකුණු කොරියාව සහ ඉන්දියාව යනු බටහිර / ඇමෙරිකානු සමග සමීප සම්බන්ධතාවය පවත්වාගෙන යන්නාවූ රටවල් වේ.
ලංකාවේ සියලු දේශපාලුවන්ට නොතේරුණාට සත්‍ය තත්වය ඒක තමයි. ඒ වගේම ලංකාව කරන්නේ නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කරන්න බලා ගෙන වගේ ආදායම් මාර්ග කිසිවක් ඇති නොකර තියෙන සොච්චමත් ඇති හැකි අයට ඇස්වැසීම හරහා බෙදාහැරීම සමග ණය ගෙවීම් ප්‍රමාද කරමින් තව තවත් ණයට ගැනීමට කටයුතු සැලසීම තමයි පාලකයින් කරන්නේ... ඔවුන් අපි හොඳම බෞද්ධයින් කිව්වාට අදහන්නේ නිගන්ඨනාථ පුත්තගේ දහම කියලා මතක් කරන්න අවශ්‍ය නැහැ නේද?
පිනා හැමදාම ජපානෙන් තමයි හොඳට අහගන්නේ...!