(විමුක්ති එස් රුද්‍රිගු)

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයක් මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වැනිදා සිට 27 වැනිදා දක්වා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

නිල සංචාරයේදී සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී දෙරට අතර ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට අවධානය යොමු කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එසේම ඉස්ලාමීය සංවර්ධන බැංකවේ, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණ ගැසීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වේ.