
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඒ සඳහා අයවැයෙන් රුපියල් කෝටි සීයක් වෙන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එම වැඩපිළිවෙල ආරම්භ කළ පසු ගොවීන්ට ආපසු හැරී යාමට අවශ්‍යතාවක් මතු නොවන බවද අමාත්‍යවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය
වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.
අල ලූනු ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේ දිනවල තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ ගැටළුවට විසඳුම් කඩිනමින් ලබාදෙනවා. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස සමූපකාර තොග වෙළඳ සංස්ථාව ස්ථාපිත කරලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය අසාර්ථකයි, දුප්පත් ගොවීන්ට තම නිෂ්පාදන විකුණා ගත නොහැක. රජය ඉන්දියාවෙන් ළූණු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කරයි.
ඔයා හරි දක්ෂයි කටින් බතල කොළ හිටවන්න.
එන වසරේ සැලසුම් කරලා තිබුණට , අද තියෙන තත්ත්වයට ගොවියන්ට විසඳුමක් නැතිද ? එන වසරෙත් මෙහෙම වෙයිද?
එතකල් බම්බු ගහන්නද කියන්නේ , ලූණු කකා ද ඉන්න කියන්නෙ?
ඉතිහාසගත ජන වරමක් ලැබිලා අවුරුද්දක් ගතවෙලා ඉවරයි. ඡන්දය ගන්න කලින් කියපු සැලසුම් කෝ ? ආණ්ඩුව තවම කියවන්නේ ලබන අවුරුද්දේ කරන්න හිතන සැලසුම් ගැන!
කෝටි 100ක් කියන්නෙ මිලියන 1000ක්. ය සල්ලිවලින් ලූනු කිලොව රු 100ගානෙ ගත්තත් ගන්න පුලුවන් ටොන් 10,000යි. ලංකාවේ යල කන්නයට සාමාන්‍යයෙන් හෙක්ටයාර් 5000ක බී ලූනු වගාකරනවා.. ටොන් 80,000ක් විතර නිපදවනවා... එතකොට අල... අල නං අල වෙනවාම තමයි... රජයට මිලදී ගන්න අවශ්‍ය නෑ.. හරියට කාලෙට බද්දු ගහලා ආනයනය නවත්ත්ලා ගොවියන්ට නියම මිලට විකුනගන්න වාතාවරණය සැකසුවානම් ඇති.. මෙයාලා වට මැනලා අල-ලූනූ ගන්න හදන්නෙ... විකාර වැඩ නොකර ප්‍රායෝගික දෙයක් යොජනාකරන්න...
ඔබ තුමාගේ කඩිනම් විසඳුම් එනකොට අල ලූනු කුණු වෙලා ඉවරයි
ඇමතිතුමණී, ලබන අවුරුද්ද වෙනකම් ලූනු අස්වැන්න කුනු නොවී තියෙයිද?
ඇමතිතුමාට කිසිම ප්‍රඥාවක් සහ පළපුරුද්දක් නැහැ, අවුරුද්දක් ගෙවිලා ගියේ මෝඩ කතාවක් විතරයි.
මිලියන 12,500 වියදම් කරලා කෑබ් මිලදී ගන්නවා ඕවා චන්දයට පෙර කිව්ව ඒවා නොවේ නේ . කලින් පර්මිට් ගත්තා දැන් පර්මිට් වෙනුවට නිකන්ම වාහන ලබා දෙනවා,හරි ශෝක් වැඩ
බලන්න එතුමාගේ තියන දුර දක්නා නුවණ හා නැද්ද?