IMG-LOGO

අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

වර්තමාන අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂවල සාමාජිකයන්ගෙන් සැදුම් ලත් තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්  මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද  (7) පැවසීය.

අවශ්‍ය කටයුතු කිරීමට මෙම කාරක සභාවට දින පහක් පමණක් ප්‍රමාණවත් බවත් එහි සභාපතිකම විපක්ෂයේ අයකුට ලබා දුන්නත් ගැටළුවක් නැති බවත් ඔහු පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේ රටේ පවතින තත්වය පිලිබද විවාදයේදීය.

අද ජනතාවට අවශ්‍ය වන්නේ කෙටි කෙටිකාලීන විසඳුමක් බව පැවසූ මන්ත්‍රීවරයා  අතීතය  සහ වෙනත් පළහිලව් මෙතන  කතා කර වැඩක් නැතැයිද ප්‍රකාශ කළේ‍ය

කොටසක් ගෝඨා එපා කියද්දී තවත් කොටසක් ගෝඨා ඕන කියලා මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත්  මෙතන 225ම එකතුවී බාරකාර ආණ්ඩුවක් පත්කරගෙන  මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවත් ඔහු කීවේය.

අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කරගන්න ගියහොත්  විරෝධතාකරුවන් පවසන දේ නිවැරදි වන බවද ඩිලාන් පෙරේරා මහතා කීවේය.

අද මුදල් ඇමතිකම භාරගන්න කෙනකු  නැතැයිද ඔහු සඳහන් කළේය.

ඩිලාන් පෙරේරා මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

එළියේ "ගෝඨා ගෝ හෝම්"  කියන  ගමන් 225ම එපා කියන කතාවකුත් කියනවා.පසුගිය අවුරුදු හැත්තෑ ගණන පුරාම අඩු වැඩි වශයෙන් සියලුම දෙනා ආණ්ඩුවල කොටස් කාරයන් බවට පත්ව සිටියා.අපේ ආණ්ඩුවත් මේකට වැරදි කාරයන් බව අප පිළිගත යුතුයි.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි කියනවා. ඊට තුනෙන් දෙක විතරක් ප්‍රමාණවත් නැහැ. ජනමත විචාරණයක් ද තිබිය යුතුයි. මේ මොහොතේ එය කළ හැකිද?

දැන් මිනිසුන්ට කෙටිකාලීන විසඳුමක් අවශ්‍යයි.මම නම් මේ ආණ්ඩුවෙ හිටියත් ස්වාධීන වෙලා වගේ.ඒකනේ මම හතරවෙනි පේළියේ ඉන්නේ. මේ කතාවෙන් පස්සේ මම හයවැනි පේළියට දාවි.



අදහස් (0)

අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 963 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site