IMG-LOGO

‘‘අර්බුදය දඩමීමා කරගෙන ආයතනවලට අත තබනවා‘‘

(ඩයනා උදයංගනී)

රට තුළ ඇති අර්බුදය භාවිතා කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආතයනවලට අත තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්වය පුනරුදයක් කරා ගෙනයනවා වෙනුවට ඉතිරි වූ දේත් අහිමි කර අර්බුදයෙන් අර්බුදයට ගෙනයාමට ඔවුන් කටයුතු කරමින් සිටින බව කී වීරවංශ මහතා පවතින කසිකබල් පාලනය වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා දැන්වත් මෙම තත්වය වෙනස් කළ යුතු බව සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් ඛනිජ තෙල් නිපදවන රටවල සමාගම්වලට ලබාදීමට සිදුවන බවට විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයේ අදහස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසා දැමිය යුතු බවදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට අනුව විදේශීය සමාගම්වල ආධිපත්‍යය අහිමි කිරීමේ අරමුණින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කර ඇත්තේ වරදක් බව ද පැවසීය.

අර්බුදයට හේතුව ඛනිජ තෙල් බෙදාහැරීමේ වගකීම රජයේ සමාගමක් සතුව පැවතීම නම් ඉන්දියන් තෙල් සමාගමෙ සතු පිරවුම්හල්වල හෝ ඉන්ධන තිබිය යුතු බව කී වීරවංශ මහතා වෙනත් රටක සමාගමක් පැමිණියත් තමන්ගේ රටේ ඩොලර් වියදම් කර තෙල් ලබාදෙනු ඇතැයි සිතිය නොහැකි බව සඳහන් කළේය.

වෙන අවස්ථාවක මෙවන් ප්‍රකාශයක් කළේ නම් තෙල් සංස්ථාවේ සේවකයන් පාරට බසින බව කී මන්ත්‍රීවරයා සාමාන්‍ය තත්වයකදී අත තැබිය නොහැකි තැන්වලට අත තැබීම සඳහා පාලකයන් ආපදාව භාවිතා කරමින් සිටින බව කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයට එන විට එනවිට කොටසත් තුළ තිබූ බලාපොරොත්තුවත් දැන් නැත්තටම නැතිවී ඇතැයි කී මන්ත්‍රීවරයා රටට භාරකාරයෙක් නැති ආකාරයෙන් ඉදිරියට යාමට දිය නොහැකි බව ද පැවසීය.

ඉදිරියේදී විදුලිය කප්පාදුව පැය 10ක් පමණ වුවහොත් රජයට තනිව විදුලි සැපයුම කළ නොහැකි බව කියා ඉන්දීය සමාගමකටඑය ද දිය හැකි බව හෙතෙම කීය.

ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු මැති ඇමතිවරු අර්බුදය භාවිතා කර රට ඉන්දියානු ප්‍රාණ ඇපයට ඇදගෙනයමින් සිටින බවත්, ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස ලබාදීමේ මානසිකත්වයෙන් සිටින පිරිසකට තවදුරටත් පාලනය භාරදී සිටීම භයානක බවත් සඳහන් කළේය.

 



අදහස් (1)

‘‘අර්බුදය දඩමීමා කරගෙන ආයතනවලට අත තබනවා‘‘

mahilal Tuesday, 28 June 2022 02:36 PM

ලෝක බැංකුවෙ ප්ලග් එක ගලවන්න දගලපු ඇමති නේද මේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site