
(රෝෂන් තුෂාර)
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර් මස 25 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය .
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් 2021මාර්තු 22 දින බේස්ලයින් මාර්ගයේදී රිය අනතුරක් සිදුකර රථයේ සිටිපුද්ගලයාට පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ගොනු කළ පැමිණිල්ලේ සාක්ෂිය විභාගය සඳහා පෙනී සිටින ලෙසට මෙසේ නියම කෙරිණි.
අද මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අධිකරණයේ පෙනී සිටි අතර පහර කෑමට ලක්ව අගතියට පත් වූයේ යැයි කියන ලසන්ත අබේවර්ධන අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීම අද සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයෙකුට උපස්ථාන කරන්න බැඳිලා ඉන්න එවුන් මනුස්සයන්ට තලා පෙලා තාඩන පීඩන කරනවා කියන්නෙ මූ වෛද්‍යවෘත්තිට සුදුසු නැහැ නේ
මෙයා ස්වාධීනෙන් ඉල්ලුවාට කොටි ජෙප්පෙක්. අනිවාර්යයෙන්ම JVP සම්බන්ධයි. කොටින්ටත් සම්බන්ධයි. කොහොමටත් JVP එක කොටින්ගේ සහයෝගය ගන්නවනේ.