IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


අරගලයට දින 100 යි:පාඨය වෙනස් වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා නිර්පාක්‍ෂික අරගලකරුවන් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වූ අරගලය අද (17) දින 100 සම්පූර්ණ කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පැවැති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම අරගලය ශ්‍රී ඉතිහාසයේ වඩාත් තීරණාත්මක මෙන්ම සාර්ථක අරගලය බවට පත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩු කීපයක් ද දින 100 තුළ ඉවත් වූහ.

මෙම දින 100 අතරතුරදී අරගලකරුවෝ කොටුව ජනාධිපති මන්දියර, ජනාධිපති ලේකම් කාර්යාලය, කොල්ලුපිය අරලිගහ මන්දිරය සහ අගමැති කාර්යාලය අල්ලා ගැනීමට සමත් වූහ. අරගලයට මාසයක් සම්පූර්ණ වූ පසුගිය මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එදින රට පුරා දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී කෝපවූ පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරු ඇතුළු දේශපලඥායන් 100 කට අධික පිරිසකගේ රට පුරා නිවාස ඇතුළු දේපලවලට හානි කළහ.

(ඡායාරූප: හාන්ත රත්නායක)



අදහස් (8)

අරගලයට දින 100 යි:පාඨය වෙනස් වෙයි

මැක්ස් Sunday, 17 July 2022 04:52 PM

රනිල් මැතිඳුන් ජනපති කරවීම වෙනුවෙන් කළ අරගලය යනුවෙන් එතුමන්ලාගේ සටන නාමකරණය විය යුතුයි. ගෝඨා වගේ නලව නලවා ඉන්නේ නැතුව රනිල් එක සද්දයයි දැම්මේ.. අරගලයින් මීයට පිම්බාක් මෙන් දැන්...!

:       20       37

විපරමා Sunday, 17 July 2022 05:07 PM

මේ දක්වා අරගලයේ නියැලුණු සියලුම දෙනාට, ඒ වෙනුවෙන් කැපවූ අයට ප්‍රණාමය පුදකරනවා. තුවාල ලබා රෝහල් ගත වූවන්ට ඉක්මන් සුවය ලැබේවා!..

:       28       35

ab Sunday, 17 July 2022 06:48 PM

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තනතුරින් ඉල්ලා අස්වී ඇත. රටින් පිටව ගොස් තිබේ.. ගෝ හෝම් ගෝඨා නොව කම් හෝම් ගෝඨා කියා වෙනස් වුවහොත් සාමකාමී අරගල කරුවන්ගේ ජයග්‍රහණයට වටිනා කමක් ලැබේ.

:       23       34

ganegoda Sunday, 17 July 2022 07:54 PM

රාජපක්ෂලාගේ පවුල්වාදය භංගවේවා.. අරගලයට ජයවේවා...!

:       22       36

ගමේ එකාලා Sunday, 17 July 2022 10:53 PM

දූෂිත පවුල් පාලකයෝ එළවා දැමීම ලොකුම ජයග්‍රහණයක් ?

:       0       2

Deepal Nirosh Monday, 18 July 2022 09:28 AM

අද (18) හදිසි නීතිය පැනෙව්වා. අනිද්දා නව ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තේරෙනවා. කඩුව ඔහු අතට ලැබෙනවා. 21 වෙනිදා වෙනකොට මේ නිර්පාක්ෂික, වෘත්තිය, ‌මහ මොළකරු සෙවීමේ අරගල සියල්ල නිමයි. මානව හිමිකම්, නීති ආධාරකරුවන් සියල් නිහඬ වෙනවා. දින තුනක් ඉවසමු.

:       0       0

hemantha kumara Tuesday, 19 July 2022 07:09 AM

වර්තමාන පාලකයා ගෙදර යවනකම් අපි සටනේ.

:       0       1

sharm warn Wednesday, 20 July 2022 10:15 AM

ගෝ හෝම් රනිල් කියන්න කාලෙ ඇවිල්ල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site