
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා නිර්පාක්‍ෂික අරගලකරුවන් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වූ අරගලය අද (17) දින 100 සම්පූර්ණ කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පැවැති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම අරගලය ශ්‍රී ඉතිහාසයේ වඩාත් තීරණාත්මක මෙන්ම සාර්ථක අරගලය බවට පත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩු කීපයක් ද දින 100 තුළ ඉවත් වූහ.
මෙම දින 100 අතරතුරදී අරගලකරුවෝ කොටුව ජනාධිපති මන්දියර, ජනාධිපති ලේකම් කාර්යාලය, කොල්ලුපිය අරලිගහ මන්දිරය සහ අගමැති කාර්යාලය අල්ලා ගැනීමට සමත් වූහ. අරගලයට මාසයක් සම්පූර්ණ වූ පසුගිය මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එදින රට පුරා දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී කෝපවූ පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරු ඇතුළු දේශපලඥායන් 100 කට අධික පිරිසකගේ රට පුරා නිවාස ඇතුළු දේපලවලට හානි කළහ.
(ඡායාරූප: හාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මැතිඳුන් ජනපති කරවීම වෙනුවෙන් කළ අරගලය යනුවෙන් එතුමන්ලාගේ සටන නාමකරණය විය යුතුයි. ගෝඨා වගේ නලව නලවා ඉන්නේ නැතුව රනිල් එක සද්දයයි දැම්මේ.. අරගලයින් මීයට පිම්බාක් මෙන් දැන්...!
මේ දක්වා අරගලයේ නියැලුණු සියලුම දෙනාට, ඒ වෙනුවෙන් කැපවූ අයට ප්‍රණාමය පුදකරනවා. තුවාල ලබා රෝහල් ගත වූවන්ට ඉක්මන් සුවය ලැබේවා!..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තනතුරින් ඉල්ලා අස්වී ඇත. රටින් පිටව ගොස් තිබේ.. ගෝ හෝම් ගෝඨා නොව කම් හෝම් ගෝඨා කියා වෙනස් වුවහොත් සාමකාමී අරගල කරුවන්ගේ ජයග්‍රහණයට වටිනා කමක් ලැබේ.
රාජපක්ෂලාගේ පවුල්වාදය භංගවේවා.. අරගලයට ජයවේවා...!
දූෂිත පවුල් පාලකයෝ එළවා දැමීම ලොකුම ජයග්‍රහණයක් ?
අද (18) හදිසි නීතිය පැනෙව්වා. අනිද්දා නව ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තේරෙනවා. කඩුව ඔහු අතට ලැබෙනවා. 21 වෙනිදා වෙනකොට මේ නිර්පාක්ෂික, වෘත්තිය, මහ මොළකරු සෙවීමේ අරගල සියල්ල නිමයි. මානව හිමිකම්, නීති ආධාරකරුවන් සියල් නිහඬ වෙනවා. දින තුනක් ඉවසමු.
වර්තමාන පාලකයා ගෙදර යවනකම් අපි සටනේ.
ගෝ හෝම් රනිල් කියන්න කාලෙ ඇවිල්ල.