(ඉන්දිකා රාමනායක)
ගාලුමෝදර අරගල බිමේ සිටි තරුණයෙක්ට යකඩ පොල්ලකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ ආධාරකරුවකු වන "සතා නාලක " (43) නැමැත්තා හෝකන්දර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හොකන්දර නිවසක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු හිටපු පාතාල කල්ලි සාමාජිකයෙකු ගේ ඥාතියෙකු බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
ඉකුත් (9) දින සැකකරු පොදුජන එක්සත් පෙරමුණ පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සමඟ අරලිය ගහ මන්දිරයට පැමිණ ඇති බවත් , පසුව ගෝඨා ගෝ ගමට ගොස් එහි සිටි තරුණයකුගේ හිසට පොල්ලකින් පහර දෙන අයුරු සී සී ටී වී කැමරා වල වලද සඳහන් වී ඇති බව පොලිසිය පවසයි.
පසුගියදා මිරිහාන ප්‍රදේශයේ ඇති සන්සුන්කාරී තත්වය අතරතුර නවතා තිබු හමුදා බස්රථයක් පන ගන්වාගෙන එයට ගිනි තැබීම සඳහා අරගලකරුවන් ඉදිරියේ නවත්වා ඇත්තේ මෙම සැකකරු බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ පාතාලයින් ඉදිරියට දාන සාමාන්‍ය විදියේ සහ පරණ ක්‍රමයේ මැතිවරණයක් යළි එපා. නූගත් මැරයින්ට රටේ ඉඩ වළක්වමු. මේ ඉන්න ශාන්ත ලීලාවේ නායකයින්ගේ හැටි ජනතාව දන්නවා.
අගමැති කියන අය විතරක් අත්අඩංගුවට ගන්න හොඳයි.
ආණ්ඩුවෙන් කියන්නේ ජවිපය මේ බස් ගිනි තිබ්බා කියලනේ...
පොදුජන පෙරමුනේ අය... ඔවුන්ගේ බත් බැලයින් ඡන්ද කාලවලදී කරපු චණ්ඩිකම් රටම දැක්කා. ඔවුන්ගේ වැඩ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...!