වීරවිල එළිමහන් සිර කඳවුරේ සේවය කරනු ලබන බන්ධනාගාර නියාමකවරයකු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 35ක් සමග විරවිල පොලිසිය මගින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
පොලිසියට ලැබුන තොරතුරක් අනුව වීරවිල අඳැල්ල තිස්සපුර හෝටලයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදි සැකකාර නියාමකවරයා අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නාරාහේන්පිට පදිංචි 40 හැවිරිදි නියාමකවරයෙකි. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd