
(විමුක්ති එස් රුද්‍රිගු)
2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ අයවැය පොරොන්දු වල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
එම පොරොන්දු 25න් 18 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු තිබුණත් ඒ සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදනවල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් බවත් එය සමස්ත මුදලින් සියයට 11 වැනි සුළු ප්‍රතිශතයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
පොරොන්දු 25න් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ පොරොන්දු හතරක් පමණක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 16 බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ගෙවුණු වසර දෙකක කාලයකදී අයවැය තුළින් වැඩිම මුදලක් වෙන්කළ සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා 2022 වසරේදී රුපියල් බිලියන 26.8 ක්ද 2023 වසරේදී රුපියල් බිලියන 43ක්ද වෙන්කර තිබූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
එසේ විශාල මුදලක් වෙන් කර තිබුණත් එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට වසර දෙකේදීම රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරු මොනවා කිව්වත් අයිඑම්එෆ් එකෙන් මදි නොකියන්න තව ඩොලර් මිලියන 1 කට ආසන්න මුදලක් ණය අනුමත කරලා
ඕකට හේතුව පුරන් අප්පු කැරලි ගහපු එක . ඒ කාලේ කරත්ත ගිනි තියලා, කෙත්වතු පාලු කරලා,වැව් විනාශ කරලා, බලකොටු විනාශ කරලා කරපු පාඩුව තමයි තාම පූර්ණය කරගන්න බැරිවෙලා තියෙන්නේ
අයවැය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරල හරියාකාරව සාකච්ඡා නොකර සම්මත කරනවා .අයවැය අනුමත කරලා ඔක්කොටම පාටියක් දීලා සන්තෝසෙන් විසිර යනවා. අවුරුදු උත්සවය වෙසක් පොසොන් පිංකම් හා දළදා පෙරහැර හා දේවාල පෙරහැර අවසන් වෙලා බලනකොට වෙන්කල මුදල් එහෙමම තියෙනවා. කඩිමුඩියේ එහේට මෙහේට මුදල් බෙදීම කර වැඩක් කරන්න කාලය මදිවෙනවා. ප්‍රගතියක් බලන්න කාලයක් ඉතිරි වෙන්නෙ නැහැ .මොකද ඒවා කරද්දී ඊළඟ අයවැය සම්මත කරන්න තියෙනවා. ඊළඟට වර්ෂයේ ගිනුම් පියවීම දෙසැම්බර් මාසයේ අන්තිම වැඩ කරන දිනයේ කරන්න තියෙනවා .මෙහෙම වෙන්නෙ අයවැය සම්මත කලත් ක්‍රියාත්මක කරන්න කාලයක් වෙන්කර නැහැ. දෙසැම්බර් ගිණුම් පියවීම කියන්නෙ තනිකරම හොර වැඩ පමණයි .සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම පා වර්ෂය තුල කිසිම පසුවිපරමක් නැහැ විගණන කටයුතු කරන්නෙ වසරක් දෙකක් ගතවුනාට පස්සෙ තමයි