IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත.

හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය (Gold Winnder – Best Automotive Website) සහ ජනප්‍රියතම වාහන වෙබ් අඩවිය (Most Popular Automotive Website)  මෙන්ම හොඳම ජංගම දුරකථන අතුරුමුහුණත සහිත වාහන වෙබ් අඩවිය (Best Mobile User Experience Automotive Website) යන සම්මාන ත්‍රිත්වය අයිඩියල් මෝටර්ස් වෙබ් අඩවිය විසින් දිනා ගන්නා ලදී.

Best Web තරඟාවලිය .lkඅඩවි නාමය (Domain name) යටතේ නිර්මාණය වන වෙබ් අඩවි සඳහා වූ තරඟාවලියක් වන අතර ස්වාධීන ලාබ නොලබන සංවිධානයක් වන LK Domain ලියාපදිංචි කිරීමේ ඒකකය විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස්  සහ විද්වත් මඩුල්ලකගේ පූර්ණ මඟපෙන්වීම හා තාක්ෂණික උපදේශයට යට‌තේ ක්‍රියාත්මක වන්නකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වී තිබීමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සමූහ ප්‍රධානී ශාරංග ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි මේ වෙබ් අඩවිය නිර්මාණය කළේ, ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන්. ඔවුන්ට තාක්ෂණික පුහුණුව ලබා දෙමින් මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ආයතනය තුළින්ම නිර්මාණය කරපු වෙබ් අඩවියක් විදියට තමයි අපි මේ කටයුත්ත නිම කළේ. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන නවකය

න්ට පුහුණුවීම් සඳහා අවස්ථාවක් ලබාදීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අයිඩියල්  මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සුජීව අමරසූරිය ඇතුළු අලෙවි අංශයේ පිරිසගේ දායකත්වය ද ඇතිව සිදු කෙරුණු මෙම ව්‍යාපෘතිය ආයතනයේ අංශ දෙකක දායකත්වය ලබා ගනිමින් සාමූහික කටයුත්තක් විදියට මෙය නිර්මාණය කරන්න අපට හැකි වුණා. ආයතනයට සම්මානයක් දිනා දීමේ අරමුණින් කණ්ඩායමේ සියලු දෙනා ඉතාමත් කැපවීමෙන් යුතුව වැඩ කළා. මේ සඳහා සම්බන්ධ වූ නවක පිරිසත් ඉගෙන ගැනීමේ උනන්දුව ඇති, නවෝත්පාදන හැකියාවෙන් යුතු පිරිසක් වීම මේ කටයුත්ත තවත් පහසු කළා.”

Best Web තරඟාවලිය LK Domain Registry සංවිධානය විසින් පවත්වනු ලබන අතර, මෙහි ජනප්‍රියතම වෙබ් අඩවිය සඳහා විවෘතව මනාප පළ කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. රන් සම්මානය සඳහා වෙබ් අඩවියේ අතුරුමුහුණතේ ආකර්ෂණීය හා සුහුරු බව, ජාත්‍යන්තර ප්‍රමිති භාවිතය, අකුරු මෝස්තර භාවිතය, වර්ණ භාවිතය, තොරතුරු කළමනාකරණය වැනි අංශ ගණනාවක් ඉතා සූක්ෂම විනිශ්චයට ලක් කෙරේ.

එමෙන්ම UI-UX නිර්ණායක යටතේ පරිශීලකයා රඳවා ගැනීමේ හැකියාවත්, ජංගම දුරකථන අතුරුමුහුණතක වෙබ් අඩවියක් දෘෂ්‍ය හා තාක්ෂණික අතින් ක්‍රියාත්මක විය යුතු ආකාරය හා පරිශීලක අත්දැකීමත්, සයිබර් ආරක්ෂක විධික්‍රම පිළිවඳවත් මෙම සම්මාන සඳහා සලකා බැලුණු නිර්ණායක වේ.  හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය සහ හොඳම ජංගම දුරකථන අතුරුමුහුණත සඳහා වන සම්මානය, මහාචාර්ය ගිහාන් ඩයස් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මඩුල්ලක්‌ගේ නිර්දේශය අනුව පිරිනමන ලද්දක් විය. Best Web තරඟයේදී සාමාන්‍යයෙන් ආයතනයකට පිරිනැමෙන්නේ එක් සම්මානයක් පමණක් වුවත් අයිඩියල් මෝටර්ස් සඳහා රන් සම්මාන ඇතුළු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීම ද විශේෂත්වයකි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා මහතා මෙසේ පැවසීය. “අයිඩියල් මෝටර්ස් තුළ තිබෙන ආයතන සංස්කෘතිය ඉතාමත් සුවිශේෂී වගේම විවෘත එකක්. අපි සීමාවාසික තරුණයන්ට නොමිලේ තාක්ෂණික පුහුණුව ලබා දෙනවා. එය එක්තරා විදියකින් සමාජ සත්කාරයක් ලෙසත් සලකන්න පුළුවන්. මේ තරුණ පිරිස‌ගේ අදහස් සහ නිර්මාණශීලී හැකියාවට අප ලබා දුන් තාක්ෂණික අධ්‍යාපනයත් සංකලන කිරීමෙන් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් කරා යන්න අපට හැකි වුණා.”

මෙම වෙබ් අඩවියේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ සඳහා කෘත්‍රිම තාක්ෂණික චැට් බොට්වරයෙක් ද ඇතුළත් කර තිබීමයි. මේ හරහා ඉතා පහසුවෙන් තොරතුරු දැන ගැනීමේ හැකියාව පරිශීලකයාට උදා වේ. එමෙන්ම මෙහි ඇති ආකර්ෂණීය අතුරුමුහුණත නිසා පරිශීලකයාට වෙබ් අඩවිය ඉතා පහසුවෙන් පිරික්සීමේ අවස්ථාව හිමි වන බව කියා සිටියේය.

අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සුජීව අමරසූරිය, අයිඩිල් මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් මෝටර්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සමූහ ප්‍රධානී ශාරංග ජයතිලක  සහ එම අංශයේ චතුරංග විජේතුංග යන මහත්වරු අදාළ සම්මාන ත්‍රිත්වය සමග.

(සී මුණසිංහ)



අදහස් (0)

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 383 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 87 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 304 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 737 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 427 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 715 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1396 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site