(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.
ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඒවා පොලිස් බාරයට ගෙන ඇත.
මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු විදෙස් රටවල් ගණනකට ගොස් ඇති අතර එසේ ගිය විදේශයන් අතර ඩුබායි රටද ඇතුළත් වන බව පොලිසිය සඳහන් කරයි.
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සැකකරු සමීප සම්බන්ධතා කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද පොලිසිය පැවසීය.
මෙම පාතාල නායකයන් දෙදෙනා සමග සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා සමීප සම්බන්ධකම් පැවැත්වූයේ කුමන අරමුණකින්ද යන්න ගැන සොයා ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරු අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීම යටතේ එම බළකායේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙම වැටලීමට හවුල් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිඑස් අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ අවි පුහුණුව ලබන කෙනෙක් අල්ලන්න මෙහෙ නීති නැත්නම් අයිඑස් අයිඑස් එක්ක සම්බන්දකම් තියෙන මෙයාව ඇල්ලුවේ මොන නීති වලින්ද, හදිසි නිතිය මගින්ද ?
අහිංසක තරුණ ජිවිත විනාශ කර මුදල් ඉපැයූ මොහුගේ සියලුම දේපල තහනම් කරන්න. එයට අමතරව මරණ දණ්ඩනය දිය යුතුය.
"ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි " අයියෝ ඕක හරි සිම්පල් වැඩක් නේ. ගිහිල්ල අහන්නකො අර දියවන්නාවේ ඉන්නේ පොඩි කොමියුනිකේෂන් එකක් දාගෙන පටන්ගත්ත කෙනා අද සුවිසල් මන්දිර සහ අධි සැප වාහනවල යන්නේ ?
අන්තිමට බෝම්බ කාරයෝ කියලා වෙන වෙන මිනිස්සු අල්ලනවාද කියලත් සැකයක් ඇතිවෙනවා. 2009 ත්‍රීවීලර් පැද්දා කියලා 2019 වෙනකනුත් එහෙම වෙන්නම ඕනද. අවුරුදු 10කින් කාර්ගෝ ව්‍යාපාරයකින් දියුණු නොවුනොත් තමයි පුදුම. සල්ලි ගැවසෙනවා නම් පාතලයෝ දේශාපාලුවොත් ලගින්ම ඇති කොහොමත්.
ඇඳුම් ශොපින් බෑග් එකේ දාන් ආපු අය මෙහෙම තමයි....
සේරම අතහැරලා දාලා ත්‍රී රෝද රථයක් ගන්න හිතෙනවා.
පොහොට්ටුවෙන් ඉල්ලපු අපේක්ෂකයෙක් .. පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ.
නායකයන්ගෙන්ම තමයි අහන්න ඕනේ...
මාබෝල ,එඩේරමුල්ල,හුණුපිටිය,වත්තල , මේ නගර ආවරණය කර හොද සුද්ධ පවිත්‍රයක් දානවනම් ලොකු උදව්වක් .