
ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘විෂ්’ නමැති මෙම සංගීත කණ්ඩායම සොදුරු යුවතියන් සිවුදෙනකුගෙන් සැදුම් ලද්දකි.
ඉන්දීය යුවතියන්ගෙන් පමණක් සමන්විත සංගීත කණ්ඩායමක් මේ අයුරින් කරළියට පිවිසියේ වසර 20 කට පමණ පසුව යැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
රී, සෝ, සිම් සහ සුචී යනු ‘විෂ්’ සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් සිවුදෙනාය. ‘විෂ්’ යනුවෙන් කෙටි වදනින් අර්ථ ගැන්වෙන්නේ, ‘වර්ල්ඞ් ඉන්කා ස්ටේඞ් හේ’ (ලෝකය ඔවුන්ගේ වේදිකාවයි) යන අදහසය.
‘විෂ්’ කණ්ඩායමට පළමුවෙන් එක් වුයේ රී ය. කණ්ඩායම නිර්මාණය කර ඇ්තේ සෝනි මියුසික් එන්ටර්ටේන්මන්ට් යටතේ, සංගීත නිෂ්පාදක මිකී මැක්ක්ලැරිය.
මේ වනවිටත් සමාජ මාධ්‍ය ඔස්සේ, ‘විෂ් සංගීත කණ්ඩායමට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව බීබීසී පුවත් සේවය කියයි.
ඉන්දීය සංගීතය ලොවට අරුමයක් නොවෙයි. ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ සහ ශ්‍රියා ගෝෂාල් වැනි ඒකල ගායිකාවන් ඉන්දීය සංගීතය ලෝකයට ගෙන ගොස් අවසන්ය. ඊට අමතරව නූරාන් සහෝසරියන් ද ලොව අතිශය ජනප්‍රිය ගායිකාවෝ දෙදෙනෙකි.
‘ජපානයෙන් ජේ පොප් ආවා, කොරියාවෙන් කේ පොප් ආවා. දැන් ඉන්දියාවෙන් අයි පොප් සංගීත කණ්ඩායමක් එනවා. එයාලා තමයි විෂ්. ගෝලීය ගීත දර්ශකයේ තැනක් ගන්න ඔවුන්ට හැකිවේවි. දැනටමත් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රියයි. ඉන්දියාවේ කෙල්නන්ගේ සංගීත කණ්ඩායම් තිබුණා. ඒත් ඔවුන්ට සාර්ථක වීමට හැකියාවක් ලැබුනේ නැහැ. මට විශ්වාසයි විෂ් කණ්ඩායමට ඊට වඩා යමක් කරන්න පුළුවන්’ යැයි මිකී මැක්ක්ලැරි, බීබීසී පුවත් සේවයට පැහැදිලි කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දමමු ලොලි පොප් කියලා.