
ඉන්දියාවේ බෝම්බ පිපිරීම් මාලාවකට සූදානම් වූ, අයි.එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්ත සාමාජිකයන් අට දෙනකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි.
මුම්බායි සහ නවදිල්ලි ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර 19 ක මෙම මෙහෙයුම් සිදුවිය. සැකකරුවන් සන්තකයේ තිබුණු ආයුධ, ඩිජිටල් උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය පොලිසියට හමුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වෙන්නෙ කොහොමද? එයාල හරිම අහිංසකයි ............
එහෙනම් චන්ද ලංවෙනකොට මේවගේ නාට්‍ය .ඒකට මෙහෙ බෝම්බ පුපුරවලා තමා චන්ද ගන්නේ
ආගම් ඇතුලෙහි ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතී ද එය ගරුකරන අනුගාමිකයෝ “ත්‍රස්තවාදය ආගම” කර ගනිත්. කණ්ඩායම් ත්‍රස්තවාදී අරමුණු විවිධ වෙත්... ඒ අතර 1. රටක දේශපාලන අරමුණු ඉලක්ක කර ගත් ත්‍රස්ත කණ්ඩායම් 2. ආගමික අරමුණු ඉලක්ක කරගත් ත්‍රස්ත කණ්ඩායම් ප්‍රධාන වෙත්. මෙම කණ්ඩායම්වල අරමුණු බරපතල ලෙස පැතිරී ඇත. එයින් ද ආගමික අරමුණ මූලික කරගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණු, දේශපාලනය ඉලක්ක කරගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණුවලට වඩා බලවත්ය. සැම අතින් ම ඒකාබද්ධ බව සහ සාමූහික බවින් ද අතිශයින්ම බලවත් ය. දේශපාලන අරමුණු ඉලක්ක කරගත් කණ්ඩායම් යම් රටකට, භූමියකට, ලඝු වී ඇත. උදාහණ ලෙස එල්ටීටීඊ සංවිධානය, අයර්ලන්තයේ අයි. ආර්. ඒ (IRA) අයිරිෂ් ගරිල්ලා සංවිධානය සැළකිය හැක. දේශපාලනය ඉලක්ක කර ගත්, සෑම ත්‍රස්තවාදී සංවිධානවල ඇත්තේ රටක භූමියේ පාලනය බෙදී වෙන් වීමේ අරමුණයි. ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ඊට වඩා වෙනස් වන්නේ ඔවුන්ගේ අරමුණ භූමියන්හි රාජ්‍ය පාලනය පමණක්ම නොවේ. පාලනය ඉලක්ක කරගත් භූමිය ඇතුළත එකම ආගමක් ව්‍යාප්ත කිරීමයි. අනෙක් ආගම් අදහන්නන් සම්පූර්ණයෙන්ම අහෝසි කරන තැනට, අහෝසි වන තැනට කටයුතු කිරීමය...
ජීවත්වන ජාතිකත්වයට පමණක් අදාල නැත. පෘථිව ගෝලයෙහි සෑම රටක්ම ඔවුන්ගේ ආගමට නතු කිරීමට ක්‍රියා කිරීම ය. එහි මූලික පියවර නම් භූමිය ඇතුලත දේශපාලන බලය ඇල්ලීම ය. දෙවනුව අල්ලා ගත් භූමිය එම ත්‍රස්ත කණඩායම ගරු කරන ආගම පමණක අදහන තැනට පත් කිරීම ය. ඒ ආගමික සංකල්පයේ දේශපාලන, සමාජීය, සංස්කෘතික , අවයව සහ පද්ධති පමණක් ව්‍යාප්ත කිරීමය. අන් සියලු දේශපාලන, සමාජීය සංස්කෘතික අවයව පද්ධති සියල්ල මුලිනුපුටා දැමීමට කටයුතු කරත්. ආගමික අන්තවාදී ලෝක භූ දේශපාලනය අධ්‍යනය කර බැලීමෙදී මෙය වටහා ගත හැක. ක්‍රි ව: 1930න් පසු ආසියා සහ අප්‍රිකානු භූ දේශපානයේ ව්‍යාප්තිය අධ්‍යනය කිරීමෙන් ආගමික වශයෙන් රාජ්‍ය පාලනය කිරීමෙන්, ආගමිග අන්තවාදය ව්‍යාප්තිය කොපමණද යන්න තේරුම් ගත හැක. ත්‍රස්තවාදය උගන්වන ආගම් පවතින තාක් මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතිනවා ඇත. ආගම සමඟ බැදී ඇති ත්‍රස්තවාදය අති බිහිසුණු ලෙසින් ලෝකයේ වේගයෙන් පැතිරෙනවා ඇත. භූමිය, රට විවිධ වුවත්, ජන වර්ගය, භාෂාව, විවිධ වුවත් එකම ආගම්කින් බැදී, ආගමික ඉගැන්වීම මත, තම අදහන ආගම පැතිර වීම සහ ආගම වෙනුවෙන් භූමි පාලනය අපේක්ෂා කරන පිරිස් විසින් තම අරමුණ උදෙසා ආගමික
ත්‍රස්තවාදය ඉතා ආදරයෙන් වැළද ගනිත්. ක්‍රියා කරත්. ප්‍රචන්ඩත්වය අති බිහිසුණ ලෙස ව්‍යාප්ත කරත්. මෙහි ප්‍රතිපල අතිශයින් බියකරු වන්නේ, ඉහත දැක්වූ ආගමික අන්තවාදී මත ගරුක රාජ්‍යයන් විසින් ඔවුන්ගේ මුදල්, රාජ්‍ය මට්ටමෙන් යුද්ධෝපකරණ, සම්පත් දායකත්ව, පිරිස් බලය යෙදවීම, යුධ පුහුණුව ලබා දීම, ඒ ත්‍රස්ත ක්‍රියා තම ආගම අනුව හරියැයි තම අනුගාමිකයන්ට ඉගැන්වීම, හේතුවෙනි. එයට කාලය සහ අවකාශය, අදාල නැත. (ස්ථානය අදාල නැත.) එකම අරමුණ නොයෙක් නම් වලින් පෙනී සිටිමින් සාමුහික ප්‍රයත්නයක නියැලේ. ත්‍රස්තවාදය ආගම බවට පත් කර ගත්විට එය අතිශයින් බිහිසුණු ය. ඒ ඒ කාලය සහ අවකාශය ද ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් වෙනවා ඇත. ශරීරයේ රුධිරය ශරීරයෙහි පැතිරී ඇතිවා මෙන් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ද විවිධ නම් වලින් භාවිතා වුව ද විවිධ භූමිවල ක්‍රියාත්මක වුව ද එකම අරමුණින් මානව සංහතියය ම වෙලා ගන්නවා ඇත. එයට ඉඩ නොදී මානව සංහතිය ආරක්ෂා කර ගැනීමට, ආගමික ත්‍රස්ත විරෝධී ලෝක දේශපාලන් බල කඳවුර ශක්තිමත් කළ යුතු ය. එය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අවිහිංසාවාදී මානව පැවත්ම බිහිසුණු ආගමික අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුක්ත කර සුරක්ෂිත කිරීම
සඳහා සියලු ලෝක රාජ්‍ය නායකයන්ගේ වගකීම ය.