
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.ආණ්ඩුකරණය මෙරට ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තුන්වෙනි ණය වාරිකයට ලබන 12 වැනිදා එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ පසුගිය මැයි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් 63 න් ශ්‍රී ලංකාව ඉටුකර ඇත්තේ කැපවීම් 32 ක් පමණක් බවත් කැපවීම් 16ක් ශ්‍රී ලංකාව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.තවත් කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම හේතුවෙන් එම කැපවීම්වල ප්‍රගතිය නොදනී ලෙස වර්ගකර තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ඉටුකිරීමට අපොහොසත්වූ කැපවීම් 16 න් 7ක් මූල්‍ය කළමණාකරනයටත්, 6ක් මූල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්‍රියාමාර්ගවලටත්, අදාළ වීමෙන් ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති බව පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ‘ඉටුකර නැති’ ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි අපේ අයට වුවමනා කාල බුද්ධි යන්න විතරයි.
මූල්‍ය විනිවිදභාවය හොයන්න ගියොත් රනිල් මචංටත් වෙන්නේ මාත් එක්ක සිංගප්පූරුවේ බෝඩ් වෙන්න තමයි...
රනිල් නිකං මැජික් කාරයා වගේ, 50 හොරකම් කරලා ඉතුරු 50 වැඩක් කරනවා... මහින්දත් කරේ ඔය වැඩේම තමයි. ඒ හින්දා IMF 100% කරන්න බෑ.. එතකොට කොහොමද හොරා කන්නේ...?
මේ පාර IMF එක ලංකාවෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නේ....!
ඒකට කමක් නෑ....වෙරිටේ එකට එහෙම පෙනුනට IMF එක ලංකාවේ වැඩ වලට එකඟයිනේ..
මේ වෘත්තියේ 100 ක් නෑනේ තියෙන්නේ 63 යිනේ. ඉතිරි 37 ලොක්කා වෙනුවෙන් ගිලල ද?
වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය විනය. ඒකියන්නේ මුන් කම්බා හොරු කියන එකයි.
පිනා ලඟදි කියුවා නේද මූල්‍ය අපරාධ මඬින ඒකකයක් ස්ථාපිත කලා කියලා? ඊටත් බැලුවා කොයි ලෝකෙද බං හොරෙක්, හොරු අල්ලන්නේ කියලා.. පිනා කරන්නේ මහා පරිමාණයේ කම්බා හොරු බේරන ගමන්, සාමාන්‍ය ජනතාවට බදු බර ගොඩ කරන එක.