
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය.
ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවද ආචාර්ය වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බවත් කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත්...!
රටේ පවතින ආර්ථික ගැටළු හමුවේ ලැබෙන්නා වූ වැටුප ජීවත්වීමට නොහැකි නිසාත්, වැටුප් වැඩිවීමක් නොලැබුණු නිසාත් 25% - 30% වැටුප් වැඩිවීමක් පක්ෂ විපක්ෂ මන්ත්‍රී සියල්ලන්ටම ලබාදෙන ලෙස ප්‍රධාන විපක්ෂයෙන් ඉල්ලා සිටියහොත් එම ඉල්ලීම මහ බැංකුවට ඉටුකළ හැකිද? එසේ වුවහොත් 225 ගැන අනුකම්පා කර මහජනතාව නිහඬව සිටීවි.
හෙණම ගහන්න ඕනේ...!
තමුන් අපිට වඩා ආර්ථික විශේෂඥයෙක් බව ඇත්ත. නමුත් ලංකාව වැනි කෘෂි ආර්ථිකය ගොඩනගන්න පුළුවන්රටක ඔබ යෝජනා කර ක්‍රියාත්මක කරන වැඩ පිලිවෙළ කියලා තියෙනවාද? එකම පිළියම ණය ගැනීම විතරක් බවයි පේන්නේ. මේ වනවිට බදු ගැහිල්ල ජයටම කරනවා. ඒත් රටේ ආදායම ඒකෙන් වැඩි වෙනවාද? ඇතුළේම කෙනෙක් වැඩිපුර ණය වෙන එක විතරයි. විදෙස් විනිමය ලංකාවට ගේන්න යොදපු වැඩ පිළිවෙළ කියන්න. ඒකයි වැදගත්. මේ වෙනතුරු විදෙස් විනිමය ගේන්න කිසිම යෝජනාවක්නැහැ. එළවළු ටිකත් දැන් රටින් ගේනවා... ලංකාවට අනාගතයක් තියේද? ඉහළ වෘත්තිකයින්රට හැර යනකොට රටට හොඳද? ඒක වළක්වා ගන්න තියෙන උපාය මාර්ග මොනවාද...?
JVP රජයක් යටතේ IMF මාරයා නවතා දමමු...
අනේ පලයන් පිස්සු මෝඩයා. අයි එම් එෆ් එක කියපු දේවල් නොවෙයි තොපි අයි එම් එෆ් එකට යෝජනා කරපු දේවල් තමයි රට ඇතුලත ටක්ස් වැඩිකිරීම ආදිය ..එක අහපු ගමන් උන් සතුටුවුණා, ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපුවාලු. තමුසෙත් හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා.