
(ගයාන් සූරියආරච්චි සහ රොමේෂ් මධුෂංක)
සෙට්ටිකුලම ප්රදේශයේ වෙළෙදසලක් පිටුපස නිවෙසක ජීවත්වූ අඹුසැමියන් අද අලුයම පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි සෙට්ටිකුලම පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ පසුපති වර්ණකුලසිංහම් (72) සහ වර්ණසිංහම් කනගලෙච්චමී (68) නැමැති අඹුසැමි යුවළක් බව පොලිසිය පවසයි.
මෙම යුවළගේ පුත්රයාට අයත් සෙට්ටිකුලම වෙළෙඳසලක් පිටුපස පිහිටි නිවෙසක ඔහුගේ මවුපියන් දෙදෙනා ජීවත්වී ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර සෙට්ටිකුලම පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක රත්නමලල මහතාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd