
(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්රේනය වෙනුවෙන් ආයෝජන අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් යුක්රේන භූමියේ ඇති දුර්ලභ ඛනිජ සම්පත්වලට ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදීමට එරට තීරණය කර තිබිණි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේ සිට යුක්රේනය මෙම ස්වභාවික සම්පත් ගිවිසුමට ඇමෙරිකාව සමග එළැඹීමට උත්සාහ කළේය.
සති ගණනක සාකච්ඡාවලින් පසුව දෙරට මෙම ගිවිසුමට එළැඹි අතර සාකච්ඡා අතරමගදී කෙටි කලකට ඇමෙරිකාව යුක්රේනයට ලබාදෙන ආධාර නතර කිරීමටද කටයුතු කළේය.
ගිවිසුම පිළිබඳව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ රුසියාව විශාල මෙන්ම ශක්තිමත් ප්‍රතිවාදියෙක් බවත් ඒ හේතුවෙන් යුක්රේනය ඇමෙරිකාව සමග මෙම ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිට තේරුම් කර දුන් බවයි.
COMMENTS
වෙඩින් එක කවද්ද?
ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ප්‍රකට කපටියෙක් බව සමස්ථ ලොක ව්‍යාපාරික ප්‍රජාවම දැනගෙන බොහෝ කාලයක් වෙනවා. "කෙක්කෙන් හො කොක්කෙන් " ඔහු තමන්ට අවශ්‍ය වන දේවල් ලබාගැනීමට සිය කපටි ව්‍යාපාරික මොළය යළිත් වරක් පාවිච්චි කර තිබෙන අයුරු මෙම ගිවිසුම මගින් තහවුරු කර තිබෙනවා. යුක්රේනයට මුදල් හො අවි ආයුධ ආධාර තාවකාලිකව අත්හිටුවා, ට්‍රම්ප් සිය අභිමතාර්ථය ඉටුකරගෙන, යුක්‍රේනයේ දුර්ලභ ඛනිජ සම්පත් "කොල්ලකෑම් මගඩිය" සිදුකර තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා...
තමන්ගේ තරම නොදැන සටනක යෙදෙන මෝඩ පාලකයෙක් නිසා රටක් විනාශ වන ආකාරය. අහිංසක යුක්රේනය
ජෝකර් නළු සෙලෙන්ස්කි කරපු විනාශයක්. ඇමරිකන් හුඟාක් වනවාට වඩා යසට රුසියාව සමග ගෞරවාන්විතව සංධානගත වෙලා ඉන්න තිබුණා. යුද්ධයක සේයාවක් වත් නැතුව…