IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක්

(අංජුල මහික වීරරත්න)

සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ දී පැවසීය.

ජනාධිපති කාර්යාලයේ පැවති මෙම ඒකාබද්ධ ප්‍රකාශයේදී නරේන්ද්‍ර මෝදි  මහතා මෙසේද කීය.

මම ලංකාවට පැමිණෙන හතර වෙනි වතාව.අග්‍රාමාත්‍යවරයා ලෙස මම අවසන් වරට ආවේ 2019 වසරේදී.ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටිනු ඇතැයි මට විශ්වාසයක් තිබුණා.සැබෑ අසල්වැසියෙකු ලෙස අපට අපේ වගකීම් ඉටු කරන්නට හැකි වී තිබෙනවා.එය අපටත් සතුටක්.

කොරෝනා වසංගතය ,ත්‍රස්තවාදී ප්‍රහාර  මෑතක ඇතිවූ ආර්ථික අර්බුදය සමයේදී අප හැමවිටම ශ්‍රී ලංකා ජනතාව සමග හිට ගත්තා.සියලු අසීරු අවස්ථා වලදී අප ශ්‍රී ලාංකික ජනතාව සමග කටයුතු කළා.

ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවට පැමිණීමෙන් පසු අපගේ හවුල්කාරීත්ව වැඩසටහනේ ඉතා හොඳ ප්‍රගතියක් ඇතිවුණා.

සාම්පූර් විදුලි බල ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය අනුර කුමාර ජනපති අතින් ලබන්නට හැකි වීම ගැන මා ඉතා සතුටට පත් වුණා.මේ සම්මානය මට ලොකු ආඩම්බරයක්.

ඒ පිළිබඳව රජයටත් ජනතාවටත් මගේ ගෞරවය පුදකරනවා යනුවෙන්ද මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (3)

අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක්

ගුණරත්න Saturday, 05 April 2025 05:57 PM

ස්තුතියි මෝදි අගමැතිතුමනි, ඒත් ඔය කාලෙත් ඉන්දියාවෙන් ලැබුණු ආධාර භුක්ති විඳින ගමන් ඉන්දියාවට පහර ගැසීම් කළ කල්ලිය තමයි දැන් ආණ්ඩුවේ ඉන්නේත්...!

:       9       9

නිර්පාක්ෂික Saturday, 05 April 2025 07:32 PM

ඒ වගේම ලංකාවට වෙනත් රටවලින් ලැබුණු ආධාරත් ගසා කාපු දූශිත බලලෝබි බඩගොස්තරවාදී නායකයොත් නැතුව නෙවෙයි. .අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආදාර ගසාකාපු හිරේට යවන්ඩ ඕන එකා, රජගෙදරට යවපු රටක් වෙච්චි .?

:       0       0

Nandalal de Silva - France Saturday, 05 April 2025 09:28 PM

ඒක නම් සම්පූර්ණ ඇත්ත... ශ්‍රී ලංකාවට අමාරුම කාලයක් වුනේ 30 වසරක් තිස්සේ පැවති කොටි ත්‍රස්ථවාදීන් ගේ ප්‍රහාර පැවති කාල වකවානුවයි. කොටින්ට, ඉන්දියානු කදවුරු, අවි ආයුධවලින් වලින් ඉතා හොඳින් සංග්‍රහ කර අපේ මව්බිම තුනෙන් දෙකක්ම කොටින්ගේ පාලනයට නතු කිරීමට ඉන්දීය රජය, ශ්‍රී ලංකාවට උදව් උපකාර කරපු හැටි නොදන්නවා නම්, ඒ ලගදී උපත ලබූ දරුවන් පමණි.... ඉන් පස්සෙ, ඉන්දියාව ශ්‍රී ලංකාවට කරපු අතිවිශාල තම උදව්වක් තමා... උඩින් හෙලපු "කාපල්ලා පරිප්පු" සංග්‍රහය !!!! සිහි මදි මොඩයන්ට ඒවා අමතක ඇති... නමුදු ඒවා අපට අමතක නැත !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1029 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 299 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 115 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1013 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 706 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 241 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site