
(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි
මියගොස් ඇත්තේ ගිරිමාදුර සමන් කුමාර නොහොත් සුද්දා නැමත්ති සිවුදරු පියකු බව පොලිසිය කියයි.
සමන් නැමැත්තා සිය නිවෙසේ සිටියදී යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිසියට ඔත්තු දුන්නැයි කියන සැකය මත මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා වසර 76කට රෙදි නැතිව කඩේ යන හැත්ත දැන් මෙතැන වැළලෙයි...
මේකට මොකුත් කිව්වොත් මාලිමාවේ හිතවාදීන් මට බනීවි, ඒත් ඇත්ත මේකයි මේ ආණ්ඩුව ආවාට පස්සේ ඝාතන වැඩි වෙලා තියෙනවා, පුනරුදේ කියන්නේ මේකට නම් අපට එහෙම පුනරුදයක් එපා..!
සාක්කි හංගන්න ඕනෑකරලා තියෙන අය යමරෙට වැඩ වගේ...!
ඔහොම යං, ඔහොම යං, ලොකු සෑර් බොහොම සැර තීන්දුවක් ගත්තාම ඔක්කොම හරි යයි.
දැන් දිනපතාම රටපුරාම මේ වගේ සිද්ධි දෙක තුනක් ඇහෙනවාමයි. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මාලිමාව ආවාට පස්සේ රටපුරාම අපරාධ සිද්ධ වෙන එක වැඩිවෙලා, වෙඩි තැබීම් සිදුකරන ගිනි අවි අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දුර්වල වෙලාද? මේක සුළුකොට තකන්නේ ඇයි මේ ආණ්ඩුව...? අද මැරයින්ට ඕනදෙයක් කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා, පහුගිය ආණ්ඩුවලට හෝ වෙනත් පාර්ශව වලට දාල ආණ්ඩුවට වගකීමෙන් බැහැර වෙන්න බෑ..
දැන් දවසට මිනීමැරුම් 5 ක් 6 ක් වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. අනේ අපේ රටට මේ මාස 6 ට කරපු විනාශය...