(සුජිත් හේවාජුලිගේ )
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට වැඩිපුර මුදල් ගෙවීම නිසා රජයට රුපියල් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එවකට අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව එම අමාත්‍යාංශය සහ ඒ යටතේ වන සියලු ආයතන එකම ස්ථානයකට ගෙන යෑමේ අරමුණින් මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇතැයි පැවසෙන්නේ 2016 වර්ෂයේදීය.
ගොඩනැගිලි හිමිකරු සමඟ සාකච්ඡා කිරීමකින් තොරව ඔහු ඉදිරිපත් කළ ලංසු වටිනාකමට ගොඩනැගිල්ල කුලියට ගැනීම නිසා මෙම පාඩුව සිදුවී ඇති බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මෙම ගොඩනැගිල්ල මාසයකට රුපියල් පනස් ලක්ෂ අසූ නව දහස් පන්සියයකට කුලියට ගැනීම සඳහා ගොඩනැගිලි හිමිකරු සමඟ මුලින් ගිවිසුමකට එළඹ තිබුණු බවත් රජයේ තක්සේරුකරු ඒ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂ 30 ක් ලෙස තක්සේරු කර තිබුණද ඒ පිළිබඳ නිශ්චිත සාකච්ඡාවකින් තොරව මාසයකට රුපියල් අට ලක්ෂ අසූ නව දහස් පන්සියයක් බැගින් වසර දෙකක් සඳහා රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂ හතළිස් අට දහසක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.
හිතුමතේ කටයුතු කිරීම නිසා රජයට මෙම විශාල පාඩුව සිදුවූ බව විගණන නිලධාරීහු පවසති. පසුගිය රජය සමයේදී කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදීද විශාල මුල්‍යමය පාඩුවක් සිදුවූ බව මෙයට පෙර අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එළිවෙන්නේ යහපාලන හොරුන්ගේ වැඩ කිඩ... අර රන්ජන් මේවාට මොනවත් කිව්වේ නෑනේ...!
ඇමැතිවරයාගේ කැමැත්ත හා නියෝගය මත මේ අයථා ගණුදෙණුව සිදුකර ඇති බව පැහැදිලි බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ කවර හේතුවක් නිසාද?
සභාපතිට ගෙව්ව එකේ අනිත් පංගුව වගේ... ලක්ෂ 8 කීදෙනෙක් අතරේ බෙදුණද කියලා හිතනවද?