(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
ඒ අනුව විදුලි බල අමාත්‍ය ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දුන්නේය., ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව විදුලිබල අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිමුරුම් දුන්නේය. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරයි අඩුවකට තිබ්බේ... දැන් හරි ඔක්කොම සම්පූර්ණයි..
කිරි ඉතිරෙයි .අනේ වාසනාවන් .බලාගෙන ඉඳිමු
කුට්ටම ඇණුවා.සියලු දෝශ නිවාරණයි.හොදම දේ වසංගතය පාලනය දෙවියන්ට බාර දුන් කෙනාට සෞඛ්‍ය බාරදීලා.දැන් නම් දෙවියන්ගෙම පිහිටයි.නියම විද්‍යානුකූල පත්වීම්. ඩබල්.රෙස්පෙක්ට් සර්.රටම ජාතියක් ලෙස අඬන්න ඕන වෙලාවක මෙහෙම හිනස්සනවට
අති විශිෂ්ටයි සර්
අයියෝ.. දැන්නම් සෞඛ්‍ය දෙවියන්ටම බාරයි
නාථ දෙවියන්ට කොවිඩ් මර්ධන උපදේශක තනතුරක් ලැබෙන හැඩයි.
මොන පිස්සු වැඩද මේ .පිස්සෝ ඇවිත් මේක අච්චාරුවක් කරනවා .ඇමති වරයෙක් අදාල අංශයේ වැඩ කටයුතු භාර අරගෙන එම අංශය පිලිබඳ අවබෝධ කරගෙන වැඩක් කරන්න කලින් ඇමතිකම මාරු කරනවා .එතකොට හැම වැඩක්ම අච්චාරුවක් වෙනවා .69 මෝඩ හැත්තට දැන් වත් තේරුම් යයිද මේවා
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යාංශවලට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යවරයා ලෙස... අහෝ...!!!
ඩලස් විදුලි බල ඇමැති වුනාම දඩස් ගාලා ලයිට් ගියා. ජනමාධ්‍ය ඇමැති වුනාම දඩස් ගාලා මොනවා වේවිද මන්ද. අඩුම තරමින් කොවිඩ් රෝගීන් හා මිය යන සංඛ්‍යා මාධ්‍යයට ලබාගන්න හැකිවන සේ වත් කටයුතු කලොත් හොඳයි.
යල මහ දෙකටම ඉන්නේ එකම හරක් බාන බව මිනිසුන් නොදන්නෙහිද?
ඔයාලගේ ඇමැතිකම්වලින් අපිට වැඩක් නෑ. හෙණ ගැහුවත් අපිට කමක් නෑ. කවුරු ආවත් ඔච්චරයි.. දැන් මේ රට වහපල්ලා..
මේ සියලු සමාජ විරෝධීන් සදහටම ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.
දැන්නම් ඉතින් කොරෝනාවට දෙයියන්ගේම පිහිටයි...
ඉත්තො ටික දිගට හරහට ඇදලා ඉවරවුණ නිසා දැන් ඔක්කොම ප්‍රශ්න ඉවර වේවි.
ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපනේ ඉහළින්ම කළා. ඒ ගැන හැමෝම දන්නවා. පවිත්‍රා නෝනාත් සෞඛ්‍ය ඇමතිකම ඉතා හොඳින් කරා. කෙහෙළිය ගුරුවරුන්ට ගෞරවාන්විත ලෙස කතාකරලා ගුරු විදුහල්පති සේවයේ අය රට පුරා ඔහුට ගෞරව කළා. ඔහු සෞඛ්‍යයත් ඉහළින්ම කරලා දමාවි කියලා හිතෙනවා. විදෙස් කටයුතු ඉහළින්ම කොට විදෙස් ගෞරවය දිනාගත් දිනේෂ් අධ්‍යාපනයත් ඉහළින්ම ඉවරයක් කරාවි කියලා හිතෙනවා. ගාමිණී ලොකුගේ ගැන අපට වඩා වැඩි දැනීමක් ජනතාවට තියෙනවා. ඒ නිසා විදුලි බලේ ඔහුට කජ්ජක් වේවි සමහරවිට. ක්‍රීඩාවෙන් දෙස් විදෙස් ප්‍රතිඵල පෙන්වූ නාමල් මේ ලැබුණු ඇමතිකමත් හොඳින්ම කරාවි. තමන් දන්නා දේ නිසා ජනමාධ්‍ය ඇමති ධුරය ඩලස් කෙහෙළියට වඩා හොඳින් කරාවි කියා හිතෙනවා. හොඳටම රටේ අවුල් වී තිබෙන පාලනේ දැන් කොහොමත් තවත් අවුල් වෙන්න දෙයක් නැති නිසා කිසි ගැටලුවක් වෙන එකක් නැහැ. මොනවා වුණත් අන්තිමට කියන්නේ අපි තමයි හොඳටම කළේ කියලයි.
දැක්කද අපේ සර්ගෙ වැඩ...? මේකෙන් හොඳටම ඔප්පු වෙනවා... අපේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රජයේ සිටින ඉහළම ගණයේ අමාත්‍ය කෙනෙක් බව.. 69 ලක්ෂයේ ආශීර්වාදය රටටම ලැබේවා..!!!
අවුරුදු 73 ක් අපේ රට සෞභාග්‍යය වෙත ගෙන ආ ක්‍රමය තවදුරටත් ඉදිරියට යාමක් තමයි සිදුවෙන්නේ. අතීසාරයටත් එහා ගිය වසංගත තත්වයකට පත්වී ඇති අපේ රටට අමුඩ මාරු කිරීමට එහා ජනතාව නොසිතීම මුතු ඇටයේ අවාසනාවයි.
1994 චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ඉඳලා ලොකුගේ හැර අනිත් සෙට් එක විවිධ ඇමතිකම් දැරුවා, කියන්න බලන්න එදාට වඩා මොන අමාත්‍යාංශයේ ද ප්‍රගතියක් ඇතිවී තිබෙන්නේ කියා? තව කෙරුවත් මෙච්චර තමයි කියලා හිතෙන්නේ නැද්ද? මොවුන්ට මිනීපෙට්ටිය බැගින් දී පරණ නිල නිවාසයක නතර කර, ඔය අමාත්‍යාංශ ඉබේ යන්න ඇරියා නම් මීට වඩා හොඳ නැද්ද?
හතක් නෙමෙයි අටක් වෙන්න ඕනෑ. කොරෝනා පාලනය පිළිබඳ ඇමති දෙයියානේ... ජයවේවා ...!!!
කාලයක් රූපවාහිණියෙන් නොපෙනුන අප්‍රසන්නම මුහුණක් ආයෙම පෙනෙන්න ගත්තාම කොහොමට හිටීවිද? හැබැයි මාරම විද්‍යාත්මකව වැඩේ කරලා තියෙනවා. සද්දෙට කෝච්චි දුවාවි...
වසංගත රෝග විශේෂඥවරු, දොස්තරවරු ඉන්දැද්දී රස්සාව දෙනවා. කොටු පැනලා කකුල් කඩාගත්තු, රෝග නිවාරණය දෙවියන්ට බාරදුන්නු කෙනෙකුට... හරිම විද්‍යාත්මකයි...
ලොකු සර් හොඳටම කරනවා.. ජනපතිවරණය කාලේ මිනිස්සු අත්දෙක වැඳගෙන ඉල්ලපු දේ සුපිරියටම දෙනවා. සියල්ලම විද්‍යාත්මක ක්‍රමයටමයි සිද්ධ කරන්නේ. වාසනාවන්.!
සිරියාවන්ත හිනාව... පින්තූරෙ දැක්කත් කිරි උතුරනවා.
රටේ ප්‍රශ්න ප්‍රශ්නවලට පිළිතුරු හොයන හැටි. අහිංසක මිනිස්සුන්ගේ ඡන්දයෙන් බලයට ඇවිත් මේ අය සූදු කෙලිනවා. වියත්මගට මොකද වුනේ? නියම අවස්ථාවාදින්...
අම්මේ දැන් තමයි හිත පිරුණේ... ඕක කරන්න තිබුණේ කළින්නේ. දැන්නම් රට ඉක්මණටම ගොඩයනවා ශුවර්... එකටම.
කොරෝනා මර්ධනය හා ආර්ථිකය ගොඩ නැගීම උදෙසා දැවැන්ත පියවරක්... කොහෝම ස්තුති කරන්නද කියලා හිතාගන්න බෑ...
කුට්ටම ඇනුවාට හිටපු බුරුවන් වෙන තැනක ඉන්නවා හිටපු ජෝකර්ලා වෙන වෙන තැනවල ඉන්නවා. කොරෝනා මර්දනය දෙවියන්ට බාරයි. උම්මාදේවි දන්න ප්‍රවාහනේ?. ජී.එල්. පප්පා අධ්‍යාපනෙන් ඉවත් කිරීම නම් හොඳ තීරණයක්... එහෙත් අධ්‍යාපනය දෙන්න තිබුණේ ඩලස්ට...
මෙයාලා ආපු දවසේ ඉඳලා කෙරුවේ පවුලේ අයව කිට්ටු කරගෙන මැති ඇමැතිකම් බෙදාගත්තු එකයි. හිරේට ගිය තමුන්ගේ හෙන්චයියලා නිදහස් කරගත්තු එකයි, නඩු ඉල්ලා අස්කරගත්තු එකයි, ගැසට් නිවේදන ගහපු එකයි විතරයි. මේ වගේ පිස්සු කෙළින පවුල් පාලන ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති....
පිස්සු තමයි.
සර් නම්, නියමෙට කල්පනා කරලා කෙහෙළිය මහත්තයාට සහ පවිත්‍රා නෝනාට ඇමැතිකම් දීලා තියෙනවා.
ජනතාව හෝ රට ගැන සිතා ගන්න තීන්දු තීරණ නොපෙනේ. මහජන විරෝධයන් හමුවේ බලය රැකගැනීම උදෙසා කුට්ටම අනා ඇත.
"ඔබ සැමට දෙයියන්ගෙම පිහිටයි", සෞඛ්‍ය අමාත්‍යාංශයේ පණිවිඩයකි.
සෞඛ්‍යයට දෙවියන් වැඩලා. දෙවියන්ගේම පිහිටයි.
ජාතික රජයක් පිහිටුවන්න.
මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. මහජනයා ගෙවල්වල ඉඳලා දිවුරනවා.
සර්, අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙක නාමල්ටයි, බැසිල්ටයි දුන්නොත් මොකද? මම හිතන්නේ එක් තමා හොඳම විද්‍යාත්මක ක්‍රමය මේ අවස්ථාවේ..
මොකද මේ රටටම ද්‍රෝහිවෙච්ච, රටටම සාපයක් වෙච්ච අයගේ මුහුණු දාන්නේ? බලන්නත් බැහැ..
හිහ්..හිහ්... හොඳටම කළා. එකම බස් එකේ ටයර් මාරුකරලා...
නන්දසේන වෙනුවට වෙනත් කෙනෙක් පත් කරගන්න කම් අපේ රටට සෙතක් වෙන්නේ නෑ. මේවා නිකන් බයියන් පිනවන්න කරන සංදර්ශන...
අන්තිමට එජාපයෙන් ආපු තක්කඩි ටිකට හොඳ ඇමැතිකම්...
කොහොමත් වසර දෙකකට වරක් වත් කාර්යාලයක නිලධාරීන් අතර අභ්‍යන්තර ස්ථාන මාරු සිදුකළ යුතුයි. ඒක අමුතු දෙයක් නොවෙයි. ඇරත් හැමෝටම ඉදිරියෙන් අමාත්‍යංශ සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරකේ පත් කරල තියෙන්නෙ. කවුරු ඇමති වුණත් ගැටළුවක් නැහැ.
විදේශවල ලැගපු පුත්තලම් බුරුවොත් ඉන්නවා කියලා දැනගත්තා
මොවුන් රට විනාශ කරලා තමයි නවතින්නේ. ඇදුම් වශයෙන් යමක් කරද්දී නොදන්නා කම පැත්තකට දැම්මත් කොමන් සෙන්ස් කියලා දෙයක් තියෙනවනේ. එකවත් තියෙන්න එපෑ ය. හොඳයි නේද හැටනම් ලක්ෂෙක තෝරාගැනීම. අනිත් 54 ලක්ෂය සහ චන්දය නොදීපු සියලු දෙනාම නුඹලා විසින් අමාරුවේ දැම්ම බව මතක තියාගත යුතුයි. එයට කිසිම සමාවක් නැත.
ලංකා ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව
"බූරුවෝ, කුට්ටමේ කොහේට දාලා ඇනුවත් වැඩක් නෑ"
සර් පේනවා නේද මිනිස්සුන්ගේ අදහස් ටික. කැහි ගෑණු රොත්තයි හොටු ගෑණු රොත්තයි මාරු කර ගත්තට තඹ දොයිතුවක වැඩක් තමුන්නාන්සේට කරගන්න බැරි වේවි.
මුන්ට පිස්සු මෙි වෙලාවෙ මෙිකද කරන්න ඔින. මුන් මෙව්වට තවත් කෝටි ගනන් වැය කරනව .රටට මෙි වෙලා තියන දේ මේ හරක්ට පේන්නෙ නැද්ද .මොනවද මෙි කරන මෝඩ වැඩ .මිනිස්සුන්ට මෙි වෙලාවේ වෙලා තියන දේ පේන්නෙ නැද්ද. ඇත්තටම මේ තරම් රට පාලනය කරන නායකයෝ මෝඩ නූ ගත් ද කියල හිතෙනව. කනගාටුයි .අපේ රටට යන කල දසාව ගැන මේ රට ඉවරයි මේ නූගත් මෝඩ දේශපාලනය හින්දා
එකම හරක් ටික වෙන තැන් වල බැන්දා කියලා මේක විසදෙන්නේ නැහැ .ඔය 225 අඩු කරන්න .උන් මේ රටට බරක්
ඔය ක්‍රමයට ඇමතිවරු විතරද වෙනස් කරන්න පුළුවන්?
අනේ මන්දා... රටින් පැන්න එකේ එහෙම ඉන්න තිබුනනෙ....
මෙච්චර රටට හෙනගහලා තියෙද්දිත් තවත් වහල්ලු ඉන්නවා කියලා තේරෙන්නේ මට විතරද?
ඔපදූප ප්‍රශ්න විහිලු ප්‍රශ්නවලට උත්තර දෙනනත් ඇමැතිවරු ඉනනවා