IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අභිනව මහනාහිමිට අක්‍තපත්‍ර

(යොහාන් භාසුර)
රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් මකුලෑවේ විමල හිමියෝ ලැබූ උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහා නායක ස්වාමීන් වහන්සේගේ ශාසනික ප්‍රතිපදාව සමස්ත භික්ෂූන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර වන බවත් උන්වහන්සේ තුළ ඇති අල්පේච්ඡ ගුණය සමාජයට වටිනා පණිවිඩයක් දෙන බවත් ජනාධිපතිවරයා කීය.
මහා සංඝරත්නයට ලබාදෙන ගෞරවය සමාජ ප්‍රතිපෝෂණයට ඉවහල් වන නිසා රජය ශාසනය රකිමින් ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් කැප වන්නේ සමාජය වෙනුවෙන් වූ වගකීමක් ඉටු කිරීමට බව කී ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, මකුලෑවේ විමල හිමිපාණන්ට අභිනව මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේදී  ජනාධිපතිවරයා එසේ පැවසීය.
කොළඹ නිදහස් මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහානායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී  මකුලෑවේ විමල හිමිපාණන් විජිණිපත පිළිගැන්වීය.
මහාචාර්ය රළුවේ පද්මසිරි හිමියන් විසින් රචිත අභිනව මහානායක හිමි අභිනන්දන ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරිණ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද අභිනව මහා නායක හිමියන්ට ප්‍රසාද පූජා කළහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය හා ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ සහ මහානායක හිමිපාණන් වහන්සේගේ පවුලේ ඥාතීහු ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

අභිනව මහනාහිමිට අක්‍තපත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site