(අංජුල මහික වීරරත්න)
දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කිරීමට නිල වශයෙන් ජාත්‍යන්තරය එකඟ වී ඇතැයි ද එය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව කිවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගෙවන්න බැරිද? තවත් ණය ගන්න ඔයාට අවසර දුන්නේ කවුද? බැසිල් උන්නැහේද?
තමුන්ගෙත් කරල පැහෙයි වගේ...? දේශපාලුවෝ පාරවල් හදන වැඩවලින් මාටියා ගහපු හැටි ජනතාව නොදන්නවා නෙවෙයි...
එළ...!
අලුත්වැඩියා කොහොම වෙතත් පළාත් පාලන ආයතන අනුමත ග්‍රාමීය මාර්ග දෙපස සිටින සමහරක් එවුන් මාර්ග දෙපස ගස් සිටුවා තමන්ගේ ඉඩම් ලොකු කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. එනිසා පළාත් පාලන ආයතන යටතේ ලියාපදිංචි මාර්ග නිරවුල් කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලීම් කරනවා..
පාරවල් හදලා කොමිස් ගහන්නයි හදන්නේ හොරගෙඩියා....
මාකොළ ගල්පොත්ත හංදියෙන් පමුණුවිල හරහා කැළණියට යන මාර්ගය ඉතාමත් අබලන් තත්වයක පවති. මාර්ගය දෙපස ඇති ගස් මාර්ගය දෙසට නැමී ඇත. අනවසර ඉදිකිරිම් නිසා මාර්ගය පටුවී ඇත. මෙම මාර්ගය පුළුල් කර කාපට් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි...!