(බිඟුන් මේනක ගමගේ)
වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරින්ට කළ දැනුම්දීම්වලට අදාළ ලියකියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අද(24) පැවසූහ.
සිලෝන් තව්හීත්ත් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැත්තා තොරතුරු සපයන මුවාවෙන් ආරක්ෂක අංශ නොමග යවමින් සිටින්නේ යැයි චෝදනා කළ උන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔහු අත්අඩංගුවට ගත යුතු බව ද පැවසූහ.
වහබ්වාදීන් ගැන තමන් 2013 දී රටට කියන්නට පෙර අලෙවි මවුලානා හිටපු ඇමැතිවරයා විසින් 2007 දී මේ ගැන හෙළිදරව් කරනු ලැබ තිබුණු නමුත් බලධාරීන් ඊට අවධානය යොමු නොකළේ යැයි ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
රාජගිරිය, සද්ධර්මාරාජිකාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය හමුවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.
"මට සිරගත ජීවිතය විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් කළා වගේ. කාගේවත් විවේචන මට අදාළ වෙන්නේ නෑ. මගේ නායකයා බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කළේ නත්ථි ලෝකො අනින්දිතො කියලයි. ඒ කියන්නේ මේ ලෝකයේ නින්දා නොලබන්නෙක් නෑ. ජනාධිපතිවරයා පැමිණ මා බැහැදුටුවා. ඒ ගැන කිලුටු නැතිව ලෝභ නැතිව ජනාධිපතිතුමාට ගෞරවය දෙන්න ඕනෑ.
සලෆ්වාදය වහබ්වාදයට වඩා දරුණුයි. සලෆ් වහබ්වාද නිසා මුස්ලිම් සමාජය දරුණු ලෙස ආක්‍රමණයට ලක්වෙලා තිබෙන බවත් අපිව බේරාගන්නවා නම් ඔබවහන්සේලාට බුදු බව අත්වෙන බවත් අපට කිව්වේ මුස්ලිම් මිනිස්සුයි. ඇයි ඕගොල්ලන්ට කතාකරන්න බැරි කියලා මම ඇහුවා. හාමුදුරුවනේ ඒක ඒ තරමටම දරුණුයි. අපි කතා කළොත් මුන් අපිට ගහනවාය අපේ මිනිස්සු මරලාත් තියෙනවා යැයි ඒ මිනිස්සු එතකොට කිව්වා. මේ ප්රශ්නය පටන්ගත්තෙ හලාල්වලින්.
2013 අගභාගයේ නැගෙනහිර පළාතේ සහරාන් නමැති ඉලන්දාරියෙක් වහබ්වාදයට මුළු නැගෙනහිරම ගොදුරු කරගනිමින් සිටිනවාය සුෆි මුස්ලිම්වරුන්ගේ සොහොන් කඩමින් ආයුධ අත දරාගෙන මරපන් කොටපන් කියාගෙන වීදි සටන් කරනවා යැයි මම කිව්වා. සිබ්ලි ෆාරුක් සහ අබ්දුල් රහුමාන් යහපාලනය සඳහා වූ පෙරමුණ හදාගෙන මේ මිනිහා රටින් පන්නන්න හදනවාය කියලා අපි කිව්වා. මගේ ළඟ ලියැවිලි තියෙනවා. මම මේක කියන්න කලින් අලෙවි මවුලානා ඇමැතිතුමා 2007 දි කිව්වා.
මගේ කටේ වචනනේ සැර වුණේ. බෝම්බෙ හරි සනීපයිනෙ. මේ ප්‍රශ්නෙ කතා කරලා තාමත් නඩු හයක් තියෙනවා. මේ සතිය ඇතුළත අබ්දුල් රාසික්ව අත්අඩංගුවට ගන්න. දැන් එයා තෝරු මෝරු අයින් කරලා හාල්මැස්සෝ පෙන්නුවාම බුද්ධි අංශ ඒ පස්සේ පන්නනවා. අබ්දුල් රාසික්ගෙන් තොරතුරු ගන්නේ. හොර පැටව් ඉන්නෙ කොහෙද කියලා මහ හොරාගෙන් අහනවා. මේවා ගැන මම එක්සත් ජාතින්ගේ සංවිධානයට පවා ලියලා තියෙනවා. මේ දේවල් ගැන මම ලිඛිතව කළ දැනුම්දීම් ඉදිරි සතියේ විධිමත් විදියට රටට ඉදිරිපත් කරනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දෙපානැමද නමස්කාර කරන අතර මේ ප්රශ්නයේදී ආරක්ෂක හමුදාව පිළිබඳව පූර්ණ විශ්වාසය තබා කටයුතු කළ යුතුය. නැත්නම් ඔක්කොම කුණු බේරුවල බොක්කට වගේ බෞද්ධයන්ගේ ගිණුමට බැරවීමට ඉඩ සැලසේවි...
ඔබවහන්සේ කල්පනාකාරීව සිංහල ජනසමාජය මෙහෙයවිය යුතුයි. සිංහල ජන සමාජය ඔවුන්ගේ ප්‍රඥාවට දොර හැර තිබෙන කාලයක් මේක. ඒ නිසා ඒ සිංහල සමාජය වික්ෂිප්ත නොකර කලබල නොවී ඔවුන්ගේ විඥානයට කතා කරන්න. ඔවුන් අනිවාර්යෙන්ම ඔබවහන්සේ කියන දේ අසාවි. ඒ වගේම ඔබවහන්සේගේ ජීවිත ආරක්ෂාව ගැනත් වඩා සැලකිලිමත් වෙන්න.
තෙරුවන් සරණයි හිමියනි, අප ඔබ වහන්සේ සමගයි. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 28ක් හිරේ හිටියෙත් රට වෙනුවෙන්... අද සිංහල, මුස්ලිම් ඇතුළු සියලුදෙනාටම කියන්නේ ඔබ වහන්සේට ඇහුන්කම් නොදීමේ ප්‍රතිඵලය ගැනයි..
ඔබ වහන්සේ කල්පනාකාරීව ශ්‍රී ලංකික ජනතාවට, ආගම් බේද නොතකා සැබෑ සත්‍යය හෙළිකරන්න. ඔබ වැනි අයෙක් මේ මව්භූමියට සොයමින් සිටී.. මීට සැබෑ අවංක ආගමික නායකයින් එක්කර ගන්න. හොර තක්කඩි 225න් ආරක්ෂා වී ඔබගේ සැබෑ අරමුණ වෙනුවෙන් ගමන් කරන්න. ඔබ වටා ආගම් බේද නොතකා ජනතාව එක්වේවි... ඒ මක්නිසාද කියතොත්, ශ්‍රී ලංකා මාතාවට සැබෑවට රටට ආදරය කරන පුතෙකු සොයමින් සිටී...
අපේ මිනිස්සු එදා කලේ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බැලුව වගේ වැඩක්... එකෙන් වාසි වුනේ මේ ත්‍රස්ත කණ්ඩායමට.. මේ හාමුදුරුවෝ එදත් අදත් හෙටත් කතා කරන්නේ මෙරට ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගැනීමට මිසක් වෙන කිසිම දෙයකට නෙමේ.. දැන්වත් හරියටම සතුරා කවුද? මිතුරා කවුද? කියලා තේරුම් ගන්න.. දැන්වත් ඔය අන්තවාදීන්ට රැවටෙන්න එපා. පාරම්පරික මුස්ලිම්වරු මේ හාමුදුරුවොත් එක්ක එකතු වෙන්න ඕනේ.. මේ වහබ්වාදි පිළිකාව මේ රටින් තුරන් කරන්න. ඒ වගේම මේ ත්රස්තයන්ට මුදල් අපු හැටි හොයන්න ඕනේ.. කටාර් රටෙන් වහබ් වැදී කල්ලිවලට මුදල් එනවා ඒවා හොයලා බලන්න ඕනේ...
ඔබවහන්සේ අලුතෙන් පටන්ගන්න. හැමදේටම කලින් සිංහල කඩකාරයින්ට වෙළඳාම උගන්වන්න. ඉන්නේ මුදලාලිලා නෙවෙයි. ගණන්කාරයෝ... මිනිසුන්ට කතාකරන්ට දන්නේ නෑ. ඔවුන් නිසා රටේ ආර්ථිකය මුස්ලිම්වරුන්ට හිමිවෙලා....
ගිනි තියන්න පටන් අරගෙන...
ගිනි තියන්න පටන් අරගෙන ..
කවුරු කොහොම කිව්වත් මේ සියල්ලටම වග කිව යුත්තේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එජාපය, ශ්රීලනිපය, පොදු පෙරමුණ, ජවිපෙ නායකයින් ඇතුලු ප්‍රධාන පෙලේ අය. මෙයාලා මුස්ලිම් ඡන්ද පස්සේ යන එක නතර කළ දවසට මේ ප්‍රශ්න වලින් 75%ක් ඉවරයි. කරුණාකරලා මේ අයට කියන්නේ රටේ ජාතික ආරක්ෂාවට අංක 1 දෙන්න. බල තණ්හාවට අංක 2 දෙන්න. එහෙම කරපු දවසට මුස්ලිම් නායකයන්ට තරු පෙනේවි. මේ සියලුම ආණ්ඩු මුස්ලිම් නායකයන්ට රටේ ප්‍රබලම ඇමතිකම් දෙන්න ඉදිරිපත් වුණා.... ඡන්ද බලාගෙන. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රටේ වැදගත්ම අමාත්‍යාංශ තුළට මුස්ලිම් අනතවාදින් රිංගුවා. අද වන විට එජාපය මුස්ලිම් අන්තවාදීන් බේරා ගෙන පැත්තක හිටපු අය හිරේ දාන තැනට ඇවිල්ලා තියෙන්නේ තවමත් මුස්ලිම් අනතවාදීන් කියන විදියට ආණ්ඩුව වැඩ කරන නිසා. යාපනේ සිට රෙදි මල්ලක් අරගෙන පුත්තලමට ආපු අය අද බිලියනපතියන් වුනේ කියලා බලන්නේ නැත්තේ ඡන්ද නිසා...
උද්ඝෝෂණ, පිකටින් මොනවත් අවශ්‍ය වන්නේ නැත. උද්ඝෝෂණයක් යනු අන්තවාදීන්ට හොඳ යුදපිටියක්. ලිපි මගින්, මාධ්‍ය හමු මගින් බුදුන් වහන්සේ දේශනා කළ විනය ක්‍රමවලට අනුකූලව තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න හාමුදුරුවනේ... පොලිසියට, හමුදාවට ඊළඟ වැඩ කොටස් කරන්න දෙන්න..
අබ්දුල් රාසික්ට පඩි ගෙව්වෙත් ඔබ වහන්සේට පඩි ගෙවපු ගිණුමෙන්ම නේද?
මට නම් වැටහෙන්නේ මිනිසුන්ට ආගම්, ජාති, කුල, දේශපාලන මතිමතාන්තර යනාදී සියල්ලටම වඩා රට වටින බවයි. ඒ සියල්ල පවතින්න රට තිබිය යුතුය. රට පවත්වාගනු ලබන්නේ උසාවි, පොලිසි, හමුදා, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන යන රාජ්යයාන්ත්රණය මගිනුයි. රාජ්‍ය යාන්ත්රනයට අදාල නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවෙනුයි. ඉන් එහා හෝ මෙහා කිසිවෙකුට එම කාර්ය හා වගකීම කළ නොහැකිය. මුස්ලිම් අන්තවාදය නිසා අැතිවී තිබෙන අවාසනාවන්ත මේ හදිසි තත්වයට මුහුණ දීමට ඒ රාජ්‍ය යාන්ත්රණයට බලතල පැවරී ඇති ආකාරයට ක්‍රියාත්මක වෙමින් පවතිද්දී ආගම්, ජාති ආදී සියලු බේධවලින් තොරව සියලු රටවැසියා ඒ රාජ්‍යයාන්ත්‍රනයට උපරිම සහාය දිය යුතුය. පොලිසි හා හමුදා මෙවන් හදිසි අවස්ථාවක යම් පරීක්ෂාවන් කරද්දී තම තමන්ට ආගම්, ජාති ආදී වශයෙන් වන අපහසුතා විඳදරා ගතයුතුමයි. එසේ නොකර මෙවන් ව්‍යවසනයක් මැඩලීමට ක්‍රියාකරමින් දුක්විඳින පොලීසි හා හමුදා ඇතුළු රාජ්‍ය යාන්ත්රණයට හා රජයට දොස්කියමින් යමෙකු ක්‍රියාත්මක වේ නම් ඔහු කුමන ජාතියක, කුමන ආගමක, කුමන තරාතිරමක, අයෙකු වුවත් ඔහු අන්තවාදයට අනුබලදෙන අන්තවාදියෙකුම වන නිසා අත්අඩංගුවට ගෙන උසාවියෙන් දඬුවම් දියයුතුය.
කිසිම අන්තවාදයකට ඉඩනොතැබිය යුතුයි. මුලින් ඉපුටා දැමිය යුතුයි. මෙතැනදී ඔබවහන්සේ හරි.... අබ්දුල් රාසික් කරන්නේ බොරුවක් කියලා අපටත් පේනවා.
ඔබ වහන්සේ මෙච්චර කාලයක් කියූ දේවල් ගැන බලධාරීන් දෑස් පියා සිටීම ගැන දැන් හරිම කණගාටුයි ...
ඥානසාර ස්වාමින් වහන්සේ නිර්භයව සත්‍යය ප්‍රකාශ කොට තිබෙනවා. මේ ත්‍රස්තවාදී, සංවිධානයේ මහා මොලකරු නොහොත් මුස්ලිම් සමාජයට විෂබීජ පැතුරූ පුද්ගලයා වන්නේ, මේ කියන අබ්දුල් රාසික් නමැති පුද්ගලයායි. ඔහුව අත්අඩංගුවට පත් නොවන්නේ ඇයිද කියන සැකය තමයි අපටත් තිබෙන්නේ? මේ පුද්ගලයා පසුපස සිටින සිංහල දේශපාලන හස්තය කවුරුන්ද කියන රහස, ඥානසාර හිමියන් නුදුරු අනාගතයේදී, අනාවරණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!...
අපේ රට, ශ්‍රී ලංකාව...! අපිට රජයක් තියනවා. ත්‍රිවිධ හමුදාවක් තියනවා. බුද්ධි අංශයන් සහ විශේෂ බලකායන් වගේ දේවලුත් ඕනෑතරම්!!! මේ හැම අංශයක්ම නොදන්නා ත්‍රස්ත තොරතුරු මේ " හාමුදුරුවෝ දන්නේ කොහොමද?" ඇයි මේ හාමුදුරුවෝ, දන්නා දේවල් රජය, හමුදාව, බුද්ධි අංශයන් සහ විශේෂ බලකායන්... දැනගෙන හිටියේ නැත්තේ?
හා හා .... අබ්දුල් රසීක් නැමැත්තාට කිසිවක් කියන්න එපා. එයා අත ගැසුවොත් රටේ ලොක්කෝ දෙන්නම බිමට වැටේවි.
රවී මයා, අන්තවාදී නොවන මුස්ලිම් අය ඔවුන්ගේ දුක කියන්නෙත් ඥානසාර ස්වාමීන් වහන්සේටයි. මොකද දේශපාලනියන්ට කිව්වට වැඩක් නැහැනේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ගොඩක් විස්තර දන්නවා ඇති...
මිනිසුනේ රටට ආදරේනම් ඔබේ දරුවන්ට අනාගතේ අප රටේ ඉදහසේ ජීවත් වෙන්න ඕනෙ නම් .. මෙවර භික්ෂුන් වහන්සේ නමක් රටේ පාලනයට තොර ගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි .. හමුදාවට රටේ පාලනය බාර දිය යුතුයි. ... එහෙම උනොත් මේ රට සිංගප්පූරැවක් කරාවි වසර දෙකෙන් .. මොකද හාමුදුරුවන්ට නඩත්තු කරන්න කෙනෙක් නැති නිසා මහා ජනයට වියදම් අඩුයි සැපපහසු වාහන ඉල්ලන එකකුත් නැහැ , හාමුදුරුවෝ පිටරට යනකොට පිරිවරාගෙන යන්න ෂොපින් යන්න. පව්ලේ කට්ටියත් නැහැ ඒ වියදම් සියල්ල අපිට භුක්ති විදින්න පුළුවන් එක එකාට බනින ඒවා අහල අපිට ඇති වෙලා තියෙන්නේ .. හාමුදුරුනමක් අවොත් ගිහියන්ට පන්සිල් පදටිකවත් මතක් කරලා ගිහියව එහි පිහිටවලා යාවි...! මෙරට කභාශිනිය කලේ දේශ පාලුවෝ ... එම නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම අයින් කරලා. ෆොන්සේකා මහත්තය අපිට ඕනේ ඒ ඇරුනම අපේ රට ගොඩ ගන්නම් අපි අපේ සංඝයාට රට බාරදිය යුතුමයි ..!!! ඔබෙත් මගෙත් අපේ දරුවන්ගේත් අනාගතය පවතින්නේ මේ මතයි ..! එය ක්‍රියාත්මක කල හැක්කේ අපිට පමණයි .. ! තීරණය ඔබ අතෙයි
මොහු එළියට ඇවිල්ලා මුළුරටම අායිමත් ගිනිතියන්න යනවා..
"හාමුදුරුවෝ දන්නේ කොහොමද?" මේ හාදයට හාමුදුරුවන්ගේ දැනුම ගැන ප්‍රශ්නයක්. හාමුදුරුවන්ගේ ඔත්තුසේවය හොඳ නිසා සහ ලැබෙන සුළු ඔත්තුවකින් විශාල ප්‍රමාණයක් සිතාගැනීමේ හැකියාව නිසා හාමුදුරුවෝ වහබ්වාදය ගැන සහ ඊට අදාළ පුද්ගලයින් ගැන දැනගෙන තිබෙනවා...
රට, ජාතිය සහ ආගම ගැන පළමුවෙන්ම සිතිය යුතුයි. අපේ ස්වාමීන් වහන්සේව ආරක්ෂක ලේකම් පදවියට පත් කලොත් ඒක උපනූපන් ජාති, ජාතිත් නිවන් සැප ලැබෙන පින්කමක්.
අපේ හාමුදුරුවනේ මුසල්මානුවන් සමග සමගියෙන් සිටින්නේ මොන රටද? එකම අල්ලා අදහන මුසල්මානුවන්ටත් එකම රටේ සමගියෙන් ඉන්න බැරිනම් අංශක 180 ක වෙනසක් ඇති බෞද්ධ හා මුසල්මානුවන් සමගියෙන් සිටීමට අපේ මෙත්තා ගුණයෙන් කටයුතු කිරීම අපේම වල කපා ගැනීමක් බව පෙන්වා දෙන්න. උතුරු, නැගෙනහිරත් එක පළාතක් කරන්න කියූ දෙමලුන්ටත් දැන් තරු පෙනෙන්නට පටන් ගෙන ඇත...
මුසල්මානු ගැහැණුන් සාත්තුසේවයට හෝ හෙද සේවයට එන්නේ නැත. එමනිසා සිංහල බෞද්ධ සාත්තුසේවක හෝ හෙදියන් ඒ අයට තම සේවය නොකළ යුතුයි.