(අංජුල මහික වීරරත්න)

අපේ ලේ නහරවල බෞද්ධ සිතුම් පැතුම් තියෙනවා යැයි නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවැසීය.

ජීවිතය ගොඩනගා ගැනීමට බෞද්ධාගමික ඉගැන්වීම් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා සහකම්පනයෙන් යුත් පුරවැසියෙක් මෙන්ම අන්අයට ආදරය, කරුණාව දක්වන සමාජ තලයක් නිර්මාණය වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රැන්ඩියාවත්ත ශ්‍රී ධම්මිකාරාමයේ පැවති උත්සවයකදීය. "අපරාධ විතරක් බලාපොරොත්තු වන රටේ සමහර පිරිස් ඉන්නවා. රජය  සැලසුම් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිව්ව බොරු හැමෝම දැන් දන්නවා.

අම්මලා, තාත්තලා විභාග කරන එක නතර කළ යුතුයි. ශිෂ්‍යත්ව විභාගය, සාමන්‍ය පෙළ, උසස් පෙළ විභාග වලට මව්පිය මැදිහත්වීම,ගුරු මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය මූලික අධ්‍යාපනය දෙන්න කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.