(අංජුල මහික වීරරත්න)
දුෂණ වංචා චෝදනා එල්ල වී තිබෙනවා නම් ඔවුන් පිරිසිදු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන්නෙත් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.
සමගි ජන බලවේගය පිරිසිදු පක්ෂයක් බව කී මන්ත්‍රීවරයා දුෂණ වංචා චෝදනා එල්ල නොවුන පිරිසිදු දේශපාලනයක නිරත වන පිරිසක් සමගි ජනබලවේගයේ සිටින බව සඳහන් කළේය.
මරික්කාර් මහතා මේ බව කීවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
"දේශපාලඥයෙක් වංචාවක දුෂණයක සම්බන්ධයි නම් , දුෂණ වංචා චෝදනා එල්ල වී තිබෙනවා නම් ඔවුන්ව පිරිසිදු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නෙත් නැහැ. ඒ වගේම යම් යම් දේශපාලන කඳවුරු වලට සමගි ජනබලවේගය විසින් එල්ල කළ චෝදනා අදටත් වලංගු වෙනවා.
කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවල සිටි දේශපාලඥයින් කළැයි කියන වංචා දුෂණ ඔප්පු කර ගැනීමට ශක්තියක් නැහැ. කෙසේ හෝ සමගි ජනබලවේගය ඇතැම් දේශපාලඥයින්ට එල්ල කළ චෝදනා වෙනුවෙන් සමගි ජනබලවේගය අදටත් පෙනී සිටිනවා. ඒ වගේම ආණ්ඩු බලය තිබෙන්නේ සමගි ජනබලවේගයට නෙවෙයි. ඒ නිසා ආණ්ඩු බලය තිබෙන ජාතික ජනබලවේගය එම චෝදනා ඔප්පු කරන්න වහාම කටයුතු කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පිරිසිදු කරන්නේ අපේ දූෂිතයන් විතරයි.
පළමුව... මොවුන්ට මේ වාගේ කතා කියන්නේ.. මුල මතක නැතිකම... ඇට නැති දිව නිසා. අත්තෙන් අත්තට පැන පැන දේශපාලනය කෙරුවේ. තමන්ගේ කුණු බොක්ක පුරවා ගන්න. අවුරුදු 75 ට වැඩි කාලයක්. කෙරුවේ.... මහා හොරාව සුද්ද කරපු එක. එක හොරෙක්... නැට්ට පස්ස පැත්තේ ගහන් හිවලෙක් වගේ ඊයේ ගියා... කට උත්තර දෙන්න. මම සුදනා. මම දන්නේ නැහැ කියන්න. තමුන්ගේ කටින් කී පාරක් නාකිමයිනාව සුද්ද කරලා ඇත්ද බලයේ ඉන්නකොට. නුඹලා හිතුවේ නඩේ ගැන විතරයි. දැන් තමයි නියම ජානාධිපති පහළ වුනේ ජනතාවයි විතරයි තමන්ගේ පක්ෂය... කියමින් නම කබල් ගාන්නෙ නැහැ. මේරජයට කියන්නේ මේ එකෙකුටවත් තනතුරු දෙන්න එපා. උගත්කමක් තිබුණා නම්. එකෙක් හරි මහ හොරාට විරුද්දව නැගී සිටියද. මුන් සේරම කොන්ද පණ නැති. හොරු. දැන් මොවුන් කරපු වැරදි සේරම කැපිලා පේනවා. රට යනට නීතිය ක්‍රියාත්මකයි. අලුතින් බුද්ධිමත් තරුණ තරුණයින්ට... තැන දෙන්න. එක පක්ෂයකටවත් තනතුරු දෙන්න එපා. මොවුන්ව අර ගන්නවා කියන්නෙ නැවත රට විනාස වෙන එක. මොවුන්ට කරුණාවන්ත හදවතක් තිබුණා නම්. ජනාධිපති අරමුදලත් වට වෙලා බේදා ගනීද?