(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පිළියන්දල සිකුරාදාපොල ප්‍රදේශයේ නිවසකට  යතුර පැදියකින් මන්නා පිහියක් අතැතිව පැමිණ එහි නිවැසියකුට පහර දී තුවාල කිරීමට  තැත් කළ පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දුන් බව පිළියන්දල පොලිසිය පවසයි.

පොලීසියට අල්ලා දුන් පුද්ගලයා සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ ඉදිරිපස පොලිස් නිළධාරියකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කර තිබූ බවත්  එම ඡායාරූපය මෙම පුද්ගලයාගේම ද නැතහොත් වෙනත් අයෙකුගේ ද  යන්න විමර්ශනයක් ආරම්භ කළ බවත් පොලීසිය කියයි.‍ෙපසුගිය 05 දා රාත්‍රී  9 පමණ පිළියන්දල සිකුරාදපොල හන්දිය අසල අතුරු මාර්ගයක නිවසක් ඉදිරිපිටට මෙම  පුද්ගලයා ඉස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ගේට්ටුවට තට්ටු කර තිබේ.

එහිදී නිවසේ සිටි තරුණයකු පැමිණ ගේට්ටුව විවෘත කරනවාත් සමඟම එම පුද්ගලයා අත තිබූ මන්නා පිහියෙන් පහරදීමට උත්සාහ කර පලාගොස්  තිබේ.