(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
එම පිරිස අතරින් 40 දෙනකු පමණ මෙරට සිදු වූ විවිධ මූල්‍ය අපරාධ,වංචා සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් බව හෙතෙම කීය.
ඊට අමතරව වෙනත් අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් 87 දෙනෙකුට එරෙහිව අන්තර් ජාතික පොලිසිය හරහා නිල් නිවේදන නිකුත් කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙම එක්කෙනෙක් ආයේ ඇවිත් ඔය යස අගේට සුද්දෝ එක්ක රවුම් ගගහ ඉන්නේ?
කටින් බතල හිටවනවා මෙයාලා, කෝ අර්ජුන් මහේන්ද්‍රන්? තාම ගේන්න බැරි වුණා. උදයංග ගෙනාවද? සිරිපාලව විතරයි මෙයාලට අල්ලන්න පුළුවන් හැමදාම...
දන්නේ නැති නිසා අහන්නේ... ඔය රතු නිවේදන තියෙන්නේ අපරාධකාරයෝ ආපහු ලංකාවට ගෙනැල්ලා. සංචාරක අංශයේ ව්‍යාපාරික කටයුතු කරන්න අවස්ථාව දෙන්නද?
සර් උදයංග කියලා රතු නිවේදන කාරයෙක් ලංකාවේ ඇවිත් ඉන්නවා.
ප්‍රමුඛ බැංකු හොරා ලන්ඩනයේ යහතින් අලුත් මගුලකුත් කරගෙන ඉන්නවා. එයාවත් අල්ලන්න ඉන්ටපෝල් එකට කිව්වද?
යුක්‍රේනියානු සංචාරකයින් ගොඩේ උදයංග වගේ නමක් තියන හාදයෙක් ඉන්නවා. අල්ලන්න අමාරු නම් ජනතාවට කියන්න දුටු තැන පොලිසියට දැනුම් දෙන්න කියලා. මොකද මේ වගේ දේවල් වලට ඔයාලා දුර්වලයි නේ.
බොරු බයිලා, උදයංග වීරතුංගට අඩුම තරමින් DIG කෙනෙක් අත්සන් කළේ නැහැ... චෝදනා වලට, නිකන් කයිවාරුව විතරයි...
විහිලු කතා කියන්න එපා ලොක්කා. ඔය කියන විදියේ කට්ටි පැන පැන හිටිය අයත් දේශපාලකයන්ගේ පිහිටෙන් යස අපූරුවට ඉන්නේ...
මධූෂ් මරපු ආකාරය නිසා කිසිම රටකින් ලංකාවට ගෙන්න ගන්න ලේසි වෙන්නේ නෑ...
ලංකාවෙන් දෙන රතු නිවේදන ඉන්ටෙර්පෝල් එක දැන් විසිකරනවලු. ඒ චූදිතයින්ව ලංකාවට ගෙනාවට පස්සේ ඒ අයගේ ජීවිතවලට ඉන්ටර්පෝල් එකට වගකියන්න වෙනවා. මාකඳුරේ මධූෂ් කියන පුද්ගලයාව ලංකාවට ගෙනැල්ලා මරාදමපු නිසා මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ...
මේ සේරම මාධ්‍ය සංදර්ශන ජනාධිපති කියනවා අදත් වෙනදා වගේ අප්‍රේල් 21 පහර කරුවන්ට දඬුවම් දෙනවා කියලා.. ඔය බොරු ෂෝ කරලා තම බලයට ඇවිත්.. වැඩි වුණත් මොනවද කලේ?
ඔය ඉන්නේ රතු නිවේදන නිකුත් වෙච්ච කෙනෙක් අත්අඩංගුවට අරන් රට ඇතුළට ඇවිල්ලා යස අගේට දැන් ආණ්ඩුවේ මහ උදවිය එක්ක එකතු වෙලා කොරෝනා එකෙන් වවාගෙන කනවා.